යොවුන් සාමුවෙල්, ඒලී යටතෙහි ස්වාමින්වහන්සේට මෙහෙ කළේ ය. එදවස්හි ස්වාමින්වහන්සේගේ වචනය දුර්ලභ විය. දේව දර්ශන ද බහුල නො වී ය. මේ වන විට ඇස් නො පෙනෙන තරමට ඇස්වල පෙනීම දුර්වල වී සිටි ඒලී, තමන් සුපුරුදු තැන සැතපී හුන්නේ ය. දෙවියන්වහන්සේගේ පහන, තවමත් නො නිවී තිබිණ. දෙවියන්වහන්සේගේ කරඬුව තිබූ ස්වාමින්වහන්සේගේ මාලිගයේ සාමුවෙල් සැතපී සිටියේ ය. එවිට ස්වාමින්වහන්සේ සාමුවෙල්ට හඬ ගැසූ සේක. “මම මෙහේ” යි පිළිතුරු දුන් සාමුවෙල්, ඒලී වෙත දුවගෙන ගොස්, “මෙන්න මම; ඔබ මට හඬ ගැසුවා” යි කීවේ ය. එහෙත් ඒලී පිළිතුරු දෙමින්, “මා හඬ ගැසුවේ නෑ. ආපසු නිදා ගන්නැ” යි කීවේ ය. එබැවින් ඔහු ආපසු ගොස්, නිදා ගත්තේ ය. ස්වාමින්වහන්සේ යළිත් වරක්, “සාමුවෙල්” කියා හඬ ගැසූ සේක. සාමුවෙල් නැගිට, ඒලී වෙත ගොස්, “මෙන්න මම; ඔබ මට කතා කළා” යි කීවේ ය. ඒලී පිළිතුරු දෙමින්, “මා කතා කළේ නෑ මා පුත. ආපසු නිදා ගන්නැ” යි කීවේ ය. සාමුවෙල් ඒ වන විටත් ස්වාමින්වහන්සේ හැඳින සිටියේ නැත. ස්වාමින්වහන්සේගේ වචනය ඒ වන තුරුත් ඔහුට එළිදරවු කර නො තිබිණ. ස්වාමින්වහන්සේ තුන් වන වරට සාමුවෙල්ට යළි හඬ ගැසූ සේක. සාමුවෙල් නැගිට, ඒලී වෙත ගොස්, “මෙන්න මම, ඔබ මට හඬ ගැසුවා” යි කීවේ ය. එවිට, ස්වාමින්වහන්සේ ළමයාට හඬ ගසන වග ඒලී වටහා ගත්තේ ය. එබැවින් සාමුවෙල් ඇමතූ ඒලී, “ගොසින් නිදා ගන්න. උන්වහන්සේ ඔබට කතා කළොත්, ‘කතා කරනු මැන, ස්වාමින්වහන්ස, ඔබගේ සේවකයා අසා සිටීය’ කියා කියන්නැ” යි කීවේ ය. එබැවින් සාමුවෙල් ගොස්, තමාගේ ස්ථානයේ නිදා ගත්තේ ය. එවිට ස්වාමින්වහන්සේ අවුත්, එහි සිට, පෙර වතාවලදී මෙන්, “සාමුවෙල්! සාමුවෙල්!” යැයි හඬ ගැසූ සේක. එවිට සාමුවෙල්, “කතා කළ මැනවි. ඔබේ සේවකයා අසා සිටින්නේ යැ” යි පැවසී ය.
1 සාමුවෙල් 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 3:1-10
3 Days
We all need to develop an appetite for hearing God’s voice. However, to recognize God’s voice and be led by God’s Spirit, we must take the posture of obedience.
Long before Jesus sent His followers into the world, the Lord was already raising disciples—men and women who carried His presence and His Word. Over these three days, encounter God’s ancient pattern of discipleship and learn to walk in the same fire today.
4 Days
Every Christian aspires to have a fruitful ministry. But the largest obstacle is how that can occur. You will discover the techniques of a fruitful servant of God in just four days, spending ten minutes each day alone with God and His Word. Join in on this strategy and learn how God can utilize you.
“Where the head goes, the body follows.” No, this is not just a saying that describes getting pulled around by a grandma who’s holding your ear – Our thoughts drive our choices! In this plan, we will explore the power of our minds and how we can invite God to guide our thinking.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ