1 සාමුවෙල් 25
25
දාවිත්, නාබාල් හා අබිගායිල්
1සාමුවෙල් මියැදිණි. සියලු ඉශ්රායෙල්වරු එක් රැස් වී, ඔහු ගැන ශෝක වූහ. ඉන්පසු ඔවුහු රාමාහි ඔහුගේ නිවසෙහි ඔහු භූමදාන කළහ. ඉන්පසු දාවිත් පාරාන්#25:1 පාරාන් සමහර ග්‍රීක පිටපත්වල මාවොන් කාන්තාරයට ගියේ ය.
2කර්මෙල්හි දේපළ තිබූ මිනිසෙක් මාවොන්හි විසී ය. ඔහු මහ ධනවතෙකි. ඔහුට බැටළුවන් තුන්දහසක් හා එළුවන් දහසක් අයත් විණ. ඔහු කර්මෙල්හි බැටළුවන්ගේ ලොම් කපමින් සිටියේ ය. 3ඒ මිනිසාගේ නම නාබාල් ය. ඔහුගේ බිරිඳගේ නම අබිගායිල් ය. ඈ බුද්ධිමත් කාන්තාවකි; රූමතියකි. එහෙත් රළු, නපුරු ගති ඇත්තකු වූ ඇගේ සැමියා, කාලෙබ්ගෙන් පැවත එන්නෙකි.
4නාබාල් තම බැටළුවන්ගේ ලොම් කපමින් සිටින වග පාළුකරයේදී දාවිත්ට සැල විණ. 5එබැවින් දාවිත් තරුණයින් දස දෙනකු පිටත් කර හරිමින්, “කර්මෙල් වෙත යන්න. ගොස්, නාබාල් හමුව, මගේ නමින් ඔහුට ආචාර කරන්න. 6ඔබ ඔහුට කිව යුත්තේ, ‘ඔබට දීර්ඝායු වේවා! ඔබටත්, ඔබේ පවුලේ අයටත් ශාන්ති වේවා. ඔබ සතු හැම දේටත් ශාන්ති වේවා!
7“ ‘දැන් බැටළු ලොම් කපන වග මට ආරංචියි. ඔබගේ එඬේරුන් අප සමඟ සිටි අතර තුර අප ඔවුන්ට කිසිදු අවැඩක් කළේ නැත. කර්මෙල්හි ඔවුන් සිටි මුළු කාලය තුළ ඔවුන්ගේ කිසිවක් නැති වුණේ නැත. 8ඔබේ ම තරුණයින්ගෙන් අසා බලන්න. ඔවුන් ඔබට කියනු ඇත. එබැවින් මගේ තරුණයින්ට කරුණාවෙන් සලකන්න. මන්ද අප ඇවිත් සිටින්නේ හොඳ දවසකයි. එබැවින් කරුණාකර ඔබට දිය හැකි දේ ඔබේ සේවකයින්ටත්, ඔබේ පුත් දාවිත්ටත් දෙන්නැ’ යි” පැවසී ය.
9දාවිත්ගේ තරුණයෝ එසේ පැමිණ, ඒ මුළු පණිවුඩය ම දාවිත්ගේ නමින් නාබාල්ට පැවසූහ. ඉන්පසු ඔවුහු නැවතී බලා සිටියහ.
10එහෙත් නාබාල්, දාවිත්ගේ සේවකයින්ට පිළිතුරු දෙමින්, “කවුරු ද මේ දාවිත්? කවුරු ද මේ යෙස්සේගේ පුත්‍රයා? මේ දවස්වල තම හාම්පුතුන් හැර දා යන සේවකයින් බොහොමයි. 11එසේ නම් මගේ රොටිත්, මගේ වතුරත්, මගේ බැටළු ලොම් කපන්නවුන් සඳහා මා මැරූ සතුන්ගේ මසුත් ගෙන, කොහි සිට එන්නේ ද කියාවත් මා නො දන්නා මිනිසුන්ට දිය යුතු දැ?” යි පැවසී ය.
12දාවිත්ගේ තරුණයෝ ඉවත හැරී, ආපසු පැමිණ, ඒ සියල්ල ඔහුට පැවසූහ. 13එවිට දාවිත්, “හැම කෙනකු ම අසිපත් පැලඳ ගනු” යි තම මිනිසුන්ට කීවේ ය. ඒ හැම කෙනෙක් ම තම අසිපත් පැලඳ ගත්හ. දාවිත් ද තම අසිපත පැලඳ ගත්තේ ය. බඩු භාණ්ඩ ළඟ දෙසිය දෙනකු සිටියදී, හාරසියයක් පමණ දෙනෙක් දාවිත් සමඟ පිටත් වූහ.
14එහෙත් නාබාල්ගේ බිරිඳ වූ අබිගායිල් ඇමතූ එක් තරුණයෙක්, “බලන්න, අපගේ හාම්පුතාට ආචාර කරමින්, දාවිත් පාළුකරයේ සිට පණිවුඩකරුවන් එවුවා. එහෙත් ඔහු ඔවුන්ට ගරහමින් කඩා පැන්නා. 15කෙසේ වුවත් මේ මිනිස්සු අපට හිතවත්වයි සිටියේ. ඔවුන් අපට අවැඩක් කළේ නැහැ. ඔවුන් සමීපයේ පිටත කෙත්වත්වල අප ආ-ගිය මුළු කාලය තුළ අපෙන් කිසිවක් නැති වුණේ නැහැ. 16අප ඔවුන් අසල අපගේ බැටළුවන් බැලූ මුළු කාලය තුළ රැයේත්, දවාලේත් ඔවුන් අප වටා පවුරක් වුණා. 17එබැවින් දැන් මේ ගැන සිතා බලා, ඔබට කුමක් කළ හැකි දැයි බලන්න. මන්ද අපගේ හාම්පුතාත්, ඔහුගේ මුළු ගෘහවාසීනුත් ඉදිරියේ අනතුරක් තියෙනවා. කිසි කෙනකුට කතා කරන්නට බැරි තරමට අපේ හාම්පුතා කමකට නැතැ” යි කී ය.
18අබිගායිල් කඩිමුඩියේ රොටි දෙසියයක් ද සම්-බඳුන් දෙකක මිදි යුෂ ද හම ගසා සූදානම් කළ බැටළුවන් පස් දෙනකු ද විලඳ නැළි පහක්#25:18 එනම් කිලෝග්‍රෑම් 27ක් පමණ ද වියළි මිදි ඇසුරුම් සියයක් ද අත්තික්කා කැටි දෙසියයක් ද ගෙන, ඒවා බූරුවන් පිට පැටවූවා ය. 19ඉන්පසු තම සේවක තරුණයින් ඇමතූ ඈ, “මට පෙරටුවෙන් යන්න; මෙන්න පසුපසින් මා එනවා” යි කීවා ය. එහෙත් ඈ තම සැමියා වූ නාබාල්ට ඒ වග දැන්වූයේ නැත.
20ඇය බූරුවා පිට නැගී කඳු මුවාවේ එන කල, මෙන්න, දාවිත් හා ඔහුගේ මිනිස්සු ඇය දෙසට පහළ බැස එමින් සිටියහ. ඇයට ඔවුන් මුණ ගැසිණි. 21දාවිත් පවසා තිබුණේ, “ඔහුට අයත් කිසිවක් නැති නො වන පරිදි පාළුකරයේදී මේ මිනිසා සන්තක දෑට මා රැකවරණය සැලැසීම නිෂ්ඵල වෙලා. මා කළ හොඳට, ඔහු ආපසු දී ඇත්තේ නපුරක්. 22ඔහුට අයත් සියල්ලන් අතර එක පිරිමියකුදු උදය වන විට මා ඉතිරි කළහොත්, ඒ සා තදබල ලෙස දෙවියන්වහන්සේ දාවිත්ටත්#25:22 දාවිත්ටත් සමහර ග්‍රීක පිටපත්වලට අනුව දාවිත්ටත් සහ හෙබ්රෙව්වලට අනුව දාවිත්ගේ සතුරන්ටත් ලෙස සඳහන් ව ඇත. කරන සේක්වා!” කියා ය.
23අබිගායිල්, දාවිත් දුටු කල, වහ වහා තම බූරුවා පිටින් බැස, දාවිත් ඉදිරියේ නැමී, මුහුණ බිමට නමා, ඔහුට ආචාර කළා ය. 24ඔහුගේ පාමුල වැටුණු ඈ, “මැතිඳුනි, වරද මා පිට පමණක් ම වේවා! කරුණාකර ඔබට කතා කරන්නට ඔබේ සේවිකාවට ඉඩ දෙන්න; ඔබේ සේවිකාවට කියන්නට ඇති වචනවලට සවන් දෙන්න; 25ඒ ගුණමකු මිනිසා, නාබාල් ගැන මා මැතිඳුන් කරදර නො වන්න. නාබාල්#25:25 නාබාල් හෙබ්‍රෙව් මෝඩකම යන ඔහුගේ නමට ගැළපෙන පරිදි ඔහු මෝඩයෙක්. මෝඩකම ඔහු සමඟයි. මා මැතිඳුන් විසින් එවන ලද තරුණයින් ඔබේ සේවිකාව සැබවින් ම දැක්කේ නෑ. 26එබැවින් මා මැතිඳුනි, ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම ඔබත් ජීවත් වන වග සැබෑ සේ ම, ලේ වැගිරීමෙන් හා ඔබේ අත්වලින් පළිගැනීමෙන් ස්වාමින්වහන්සේ ඔබ වළකා ඇත; එබැවින් ඔබේ සතුරන් ද මා මැතිඳුන්ට නපුරක් කරන්නට සොයන සියල්ලන් ද නාබාල් මෙන් වේවා! 27එනිසා දැන්, මා මැතිඳුන්ට ඔබේ මේ සේවිකාව පිරිනමන ත්‍යාගය, මා මැතිඳුන් අනුව යන තරුණයින්ට දෙනු ලැබේවා!
28“ඔබේ සේවිකාවගේ වරදට කරුණාවෙන් කමා වන්න. මන්ද මා මැතිඳුන් ස්වාමින්වහන්සේගේ යුද්ධවලදී සටන් වදින බැවින්, ස්වාමින්වහන්සේ මා මැතිඳුන්ට නො නැසී පවතින නිසැක වංශයක් තනා දෙන සේක. ඔබ ජීවත් වන තුරා කිසිදු අපරාධයක් ඔබ අත දක්නට නො තිබේවා! 29ඔබගේ දිවි තොර කිරීමට යමකු ඔබ ලුහුබැඳ ආවත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මා මැතිඳුන්ගේ ජීවිතය, ජීවත්වන්නන්ගේ පොදියේ ලා, සුරක්ෂිත ව බැඳ තබන සේක. එහෙත් ඔබගේ සතුරන්ගේ ජීවිත, උන්වහන්සේ ගල්-පටියකින් මෙන් ඉවත විද දමන සේක. 30මා මැතිඳුන් වන ඔබ ගැන ස්වාමින්වහන්සේ පොරොන්දු වූ හැම යහපතක් ම උන්වහන්සේ ඉටු කර, ඉශ්රායෙල්හි පාලකයා බවට ඔබ පත් කළ කල්හි, 31අහේතුක ව ලේ වැගිරවී ය කියා හෝ තමා ම පළිගත්තේ ය කියා හෝ හෘද සාක්ෂියේ බරක්-අපහසුතාවක් මා මැතිඳුන්ට ඇති නො වනු ඇත. ස්වාමින්වහන්සේ මා මැතිඳුන් ජයට පැමිණ වූ කල, ඔබේ සේවිකාව වන මා සිහි කරන්නැ” යි කීවා ය.
32එවිට අබිගායිල් ඇමතූ දාවිත්, “අද දවසේ මා හමුවට ඔබ එවූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! 33ඔබේ විචාර බුද්ධියට ද ආශිර්වාද ලැබේවා. අද දවසේ ලේ වැගිරීමෙන් හා මගේ ම අත්වලින් පළිගැනීමෙන් මා වැළකූ ඔබට ආශිර්වාද ලැබේවා. 34ඔබට අනතුරක් කිරීමෙන් මා වළකා ලූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා හමු වන්නට කඩිනමින් ඔබ නාවා නම්, නාබාල්ට අයත් එක පිරිමියකුදු හෙට එළිවන විට ජීවතුන් අතර නො සිටින්නට තිබිණැ” යි කීවේ ය.
35ඉන්පසු දාවිත් තමා උදෙසා ඇය ගෙනවුත් තිබූ දෑ, ඇගේ අතින් බාර ගත්තේ ය. “ශාන්ති සිතින් ගෙදර යන්න. මා ඔබේ වචනවලට ඇහුම්කන් දුන්නා; ඔබේ අයැදීම ද අනුමත කළා” යි ඔහු ඇයට කීවේ ය.
36අබිගායිල්, නාබාල් වෙත යන විට ඔහු සිටියේ නිවසේ සාදයක් පවත්වමිනි. එය රජකුගේ සාදයක් වැන්නකි. ඔහු ප්‍රීතියෙන් ඔකඳ ව, හොඳට ම බීමත් ව සිටියේ ය. එබැවින් උදෑසන එළිය වැටෙන තෙක් ඈ ඔහුට කිසිවක් කීවේ නැත. 37එහෙත් උදෑසන නාබාල්ගේ වෙරි සිඳී ගිය කල ඔහුගේ බිරිඳ මේ සියලු දෑ ඔහුට පැවසුවා ය. එවිට ඔහුගේ හදවත නැවතිණ. ඔහු ගලක් බඳු විය. 38දස දවසකට පමණ පසු, ස්වාමින්වහන්සේ ඔහුට පහර දුන් සේක්, ඔහු මළේ ය.
39නාබාල් මියැදුණු වග දාවිත්ට සැල වූ කල ඔහු, “මට අවලාද නැගූ නාබාල්ට එරෙහිව මට යුක්තිය ඉටු කළ ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! උන්වහන්සේ ස්වකීය සේවකයා නපුර කිරීමෙන් වැළකූ සේක්, නාබාල්ගේ නපුරුකම් ඔහුගේ හිස පිටට ම පතිත කළ සේකැ” යි පැවසී ය.
ඉන්පසු දාවිත් තම බිරිඳ වන ලෙසට අබිගායිල්ට යෝජනා කරමින් පණිවුඩ යැවී ය. 40ඔහුගේ සේවකයෝ කර්මෙල් බලා ගියෝ, අබිගායිල් අමතමින්, “දාවිත්, ඔබ වෙත අප එවුවේ, ඔහුගේ බිරිඳ වන පිණිස ඔහු වෙත ඔබ කැඳවාගෙන යන්නට යැ” යි කීවෝ ය.
41එවිට නැමී, මුහුණ බිමට නැමූ ඈ, “මෙන්න ඔබේ සේවිකාව, ඔබට මෙහෙ කරන්නට හා මා මැතිඳුන්ගේ සේවකයින්ගේ පා දෝවන්නටත් මා සූදානම්” යැයි කීවා ය. 42ඉන්පසු අබිගායිල් වහ වහා බූරුවකු පිට නැගී, ඇගේ පරිවාර ළඳුන් පස් දෙනකු ද කැටිව, දාවිත්ගේ සේවකයින් සමඟ ගොස්, දාවිත්ගේ බිරිඳ වූවා ය. 43දාවිත් යෙස්‍රෙයෙල්හි අහිනොවම් ද ආවාහ කොට ගෙන තිබිණි. ඒ දෙදෙනා ම ඔහුට භාර්යාවෝ වූහ. 44මේ අතර සාවුල් තම දියණිය වූත්, දාවිත්ගේ බිරිඳ වූත් මීකල්, ගල්ලීම්හි ලායිෂ්ගේ පුත් පල්ටියෙල්ට දී තිබිණ.
දැනට තෝරාගෙන ඇත:
1 සාමුවෙල් 25: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: