1 සාමුවෙල් 20:41-42

1 සාමුවෙල් 20:41-42 SCV

කොලුවා නික්ම ගිය පසු, දාවිත් ගලේ දකුණු පසින් නැගිට, යොනාතාන් ඉදිරියෙහි තුන් වරක් තම මුහුණ බිමට නමමින්, වැඳ, ආචාර කළේ ය. ඉන්පසු ඔවුහු දෙදෙනා එකිනෙකා සිප ගනිමින්, එකිනෙකා සමඟ හැඬූහ. වඩාත් හැඬුවේ දාවිත් ය. යොනාතාන් දාවිත් අමතමින්, “සාමයෙන් යන්න; මන්ද ‘ස්වාමින්වහන්සේ සදහට ම ඔබ හා මා අතරේත්, ඔබෙන් පැවත එන්නන් හා මගෙන් පැවත එන්නන් අතරේත් සාක්ෂිය’ කියමින් අප දෙදෙනා ස්වාමින්වහන්සේගේ නාමයෙන්, මිත්‍රත්වයක් ශපථ කර ඇති බැවිනි” යි කීවේ ය. ඉන්පසු දාවිත් නැගිට, පිටත් ව ගියේ ය. යොනාතාන් ආපසු නගරයට ගියේ ය.