1 සාමුවෙල් 18:1-5

1 සාමුවෙල් 18:1-5 SCV

සාවුල් සමඟ දාවිත් කතා කර නිම වූ පසු, යොනාතාන් දාවිත් හා පණට පණ බැඳුණේ ය. යොනාතාන් තමාට සේ ම, ඔහුට ප්‍රේම කළේ ය. එදවසේ පටන් සාවුල් තමා වෙත ම දාවිත් නවතා ගනිමින්, ඔහුගේ පියාගේ නිවසට ආපසු යෑමට ඉඩ දුන්නේ නැත. යොනාතාන් තම පණට සේ ම, ඔහුට ප්‍රේම කළ බැවින්, ඔහු දාවිත් සමඟ ගිවිසුමක් කළේ ය. යොනාතාන් ඇඳ සිටි තම පිට කබාය ගලවා, දාවිත්ට දුන්නේ තම සන්නාහය ද තම අසිපත ද තම දුන්න හා තම බඳ පටිය ද සමඟිනි. සාවුල් විසින් කවර කාරියකට යවන ලද වුව, දාවිත් සාර්ථක ලෙස එය ඉටු කළේ ය. එබැවින් සාවුල් හමුදාවේ ඉහළ නිලයකට ඔහු පත් කළේ ය. එය මුළු මහත් ජනයාගේ ද සාවුල්ගේ නිලධාරීන්ගේ ද සතුටට හේතු විණ.

1 සාමුවෙල් 18:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය