දාවිත් දෙස විපරමින් බැලූ පිලිස්තීයයා, රත් පැහැයෙන් හා කඩවසමින් යුත් දාවිත් තවමත් කොලුවකු වග දැක, ඔහු සුළු කරමින්, දාවිත් අමතා, “නුඹ කෙවිට ගෙන මා දෙසට එන්නේ මා බල්ලෙක් දැ?” යි ඇසී ය. ඉන්පසු පිලිස්තීයයා තම දෙවිවරුන්ගේ නමින් දාවිත්ට ශාප කළේ ය. යළි දාවිත් ඇමතූ පිලිස්තීයයා, “මෙහි එනු! මා නුඹේ මස් අහසේ පක්ෂීන්ටත්, බැද්දේ වන සතුන්ටත් දෙනවා!” යි පාරම්බෑවේ ය. එවිට දාවිත්, පිලිස්තීයයා අමතමින්, “නුඹ කඩු, හෙල්ල, තෝමර දරා, මට එරෙහිව ආවත්, මා නුඹට එරෙහිව එන්නේ, නුඹ විසින් නිග්‍රහ කළ සේනාංකවල ස්වාමින්වහන්සේගේ නාමයෙන්; ඉශ්‍රායෙල් හමුදාවල දෙවියන්වහන්සේගේ නාමයෙන්. ස්වාමින්වහන්සේ අද දවසේ මගේ අතට නුඹ යටත් කර දෙන සේක. මම නුඹ ගසා හෙළා, නුඹේ හිස ගසා දමනවා; අද දවසේ මා පිලිස්ති හමුදාවල මළ කඳන් අහසේ පක්ෂීන්ටත්, පොළොවේ වන-මෘගයින්ටත් දෙනවා. ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ කෙනකුන් වැඩ වසන වග එවිට මුළු ලෝකය ම දැන ගනීවි. ස්වාමින්වහන්සේ ගලවන්නේ කඩුවෙන් හෝ හෙල්ලයෙන් නො වන වග මෙහි රැස් ව සිටින සැවොම එවිට දැනගන්නවා ඇති. මන්ද සටන ස්වාමින්වහන්සේගේයි. උන්වහන්සේ අපේ අත්වලට නුඹලා දෙනු ඇතැ” යි පැවසී ය.
1 සාමුවෙල් 17 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 17:42-47
3 Days
In this 3-day reading plan by Rev. Samuel Rodriguez, you will learn to push aside doubt, anxiety, and worry and to continue praising God even in the midst of uncomfortable circumstances.
Pride can get the best of us all. It is the sneakiest temptation we face because it can take over our thoughts without us realizing it is happening. This study digs in to how to recognize that temptation, how to control our thought process, and how to remind ourselves that God is the author and perfecter. In this study, we choose to say, "Jesus, Step into my story."
Fear is an insidious thief that steals our moments of joy, happiness, fulfillment and blessing. It manifests itself in different forms: fear of failure, criticism, judgment, rejection, etc. This emotion, used by the enemy, often paralyzes our destiny. In this plan, we'll look at how to overcome fear and enter our destiny.
4 Days
Do you ever just feel flat? You’re not alone—even King David ran out of joy. Start reading part five of the six-part Stay Positive series and rekindle your enthusiasm.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ