එහෙත්, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “ඔහුගේ පෙනුම ගැන හෝ ඔහුගේ සිරුරේ උස ගැන හෝ සැලකිල්ලට නො ගන්න. මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කළෙමි. ස්වාමින්වහන්සේ බලන්නේ මිනිසා බලන ලෙසින් නො වේ. මිනිසා බලන්නේ පිටස්තර පෙනුම ය. එහෙත් ස්වාමින්වහන්සේ බලන්නේ හදවත යැ” යි පැවසූ සේක. යෙස්සේ ඉන්පසු අබිනාදාබ් කැඳවා, සාමුවෙල් ඉදිරිපිටින් යන්නට සැලැස්වී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. යෙස්සේ ඉන්පසු ෂම්මා යැවී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. යෙස්සේ, මෙසේ තම පුතුන්ගෙන් හත්දෙනකු සාමුවෙල් ඉදිරිපිටින් යැවී ය. එහෙත්, “ස්වාමින්වහන්සේ මොවුන් තෝරා නො ගත් සේකැ” යි ඔහු පැවසී ය. සාමුවෙල් එබැවින් යෙස්සේ අමතමින්, “ඔබට සිටින පුතුන් හැම මෙපමණ දැ?” යි ඇසී ය. යෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉන්නේ බාලයායි. එහෙත් අන්න! ඔහු සිටින්නේ බැටළුවන් බලා ගනිමින්” යැයි කීවේ ය. “පණිවුඩ යවා, ඔහු ගෙන්වන්න. ඔහු එන තුරු අප වාඩිවන්නේ නැතැ” යි සාමුවෙල් පැවසී ය. එබැවින් ඔහු පණිවුඩ යවා, ඔහු ගෙන්වී ය. ඔහු රත් පැහැයෙන් යුතු, දීප්තිමත් ඇස් ඇති කඩවසම් කෙනකු විය. එවිට ස්වාමින්වහන්සේ, “නැගිට, ඔහු ආලේප කරන්න. පුද්ගලයා ඔහුයි” කී සේක. එබැවින් සාමුවෙල් තෙල්-අඟ ගෙන, ඔහුගේ සහෝදරයින් ඉදිරියෙහි ඔහු ආලේප කළේ ය. ඒ දවසේ පටන් ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ බලයෙන් යුක්ත ව දාවිත් මත පහළ වූ සේක. ඉන්පසු සාමුවෙල්, රාමා බලා පිටත් ව ගියේ ය.
1 සාමුවෙල් 16 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 16:7-13
3 Days
This reading plan includes three daily devotions on Nicole Zasowski’s book From Lost To Found. This study reminds us that God’s rescue often looks like prying our fingers off what we think we want to that we can receive what we truly need. Learn more at NicoleZasowski.com
When we feel too overwhelmed to work or create, it could be a sign of an underlying fear. These moments are the perfect opportunities to invite God to search our hearts. In this plan, Christian R&B; artist Darla Baltazar shares what was uncovered as she was writing her single, “Search Me,” and explains why letting God examine our hearts is key to walking in freedom.
Worship leader, songwriter, author, and educator Toni LaShaun Wortherly offers a brief exploration into being chosen by God for His Glory. This devotional plan, and the song of the same title, are written to give hope to those struggling with past failures and present fears and let them know about the promised future they can have with Christ!
Humility as the Key to Divine Blessing? It sounds contradictory in our achievement-oriented society. What’s wrong with being proud of our accomplishments when we use the talents God has given us? In this reading plan, we will show you why humble behavior is the best thing you can do.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ