1 සාමුවෙල් 16:5-7

1 සාමුවෙල් 16:5-7 SCV

සාමුවෙල් පිළිතුරු දෙමින්, “ඔව්, සාමයෙනි. මා ආවේ ස්වාමින්වහන්සේට පූජා යාග කරන්නටයි. ඔබත් පවිත්‍ර වී, මා හා යාග පූජාවට එක් වෙන්නැ” යි කීවේ ය. ඉන්පසු යෙස්සේ ද ඔහුගේ පුතුන් ද පවිත්‍ර කර වූ ඔහු, යාග පූජාවට ඔවුන් ද කැඳවී ය. ඔවුන් පැමිණි කල, එලියාබ් දුටු සාමුවෙල්, “ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දා ස්වාමින්වහන්සේ අබියස මෙහි සිටිතැ” යි සිතී ය. එහෙත්, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “ඔහුගේ පෙනුම ගැන හෝ ඔහුගේ සිරුරේ උස ගැන හෝ සැලකිල්ලට නො ගන්න. මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කළෙමි. ස්වාමින්වහන්සේ බලන්නේ මිනිසා බලන ලෙසින් නො වේ. මිනිසා බලන්නේ පිටස්තර පෙනුම ය. එහෙත් ස්වාමින්වහන්සේ බලන්නේ හදවත යැ” යි පැවසූ සේක.