සාමුවෙල් පිළිතුරු දෙමින්, “ඔව්, සාමයෙනි. මා ආවේ ස්වාමින්වහන්සේට පූජා යාග කරන්නටයි. ඔබත් පවිත්‍ර වී, මා හා යාග පූජාවට එක් වෙන්නැ” යි කීවේ ය. ඉන්පසු යෙස්සේ ද ඔහුගේ පුතුන් ද පවිත්‍ර කර වූ ඔහු, යාග පූජාවට ඔවුන් ද කැඳවී ය. ඔවුන් පැමිණි කල, එලියාබ් දුටු සාමුවෙල්, “ස්වාමින්වහන්සේගේ ආලේප ලද්දා ස්වාමින්වහන්සේ අබියස මෙහි සිටිතැ” යි සිතී ය. එහෙත්, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “ඔහුගේ පෙනුම ගැන හෝ ඔහුගේ සිරුරේ උස ගැන හෝ සැලකිල්ලට නො ගන්න. මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කළෙමි. ස්වාමින්වහන්සේ බලන්නේ මිනිසා බලන ලෙසින් නො වේ. මිනිසා බලන්නේ පිටස්තර පෙනුම ය. එහෙත් ස්වාමින්වහන්සේ බලන්නේ හදවත යැ” යි පැවසූ සේක. යෙස්සේ ඉන්පසු අබිනාදාබ් කැඳවා, සාමුවෙල් ඉදිරිපිටින් යන්නට සැලැස්වී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. යෙස්සේ ඉන්පසු ෂම්මා යැවී ය. “ස්වාමින්වහන්සේ මොහු ද තෝරා නො ගත් සේකැ” යි සාමුවෙල් පැවසී ය. යෙස්සේ, මෙසේ තම පුතුන්ගෙන් හත්දෙනකු සාමුවෙල් ඉදිරිපිටින් යැවී ය. එහෙත්, “ස්වාමින්වහන්සේ මොවුන් තෝරා නො ගත් සේකැ” යි ඔහු පැවසී ය. සාමුවෙල් එබැවින් යෙස්සේ අමතමින්, “ඔබට සිටින පුතුන් හැම මෙපමණ දැ?” යි ඇසී ය. යෙස්සේ පිළිතුරු දෙමින්, “තව ඉන්නේ බාලයායි. එහෙත් අන්න! ඔහු සිටින්නේ බැටළුවන් බලා ගනිමින්” යැයි කීවේ ය. “පණිවුඩ යවා, ඔහු ගෙන්වන්න. ඔහු එන තුරු අප වාඩිවන්නේ නැතැ” යි සාමුවෙල් පැවසී ය. එබැවින් ඔහු පණිවුඩ යවා, ඔහු ගෙන්වී ය. ඔහු රත් පැහැයෙන් යුතු, දීප්තිමත් ඇස් ඇති කඩවසම් කෙනකු විය. එවිට ස්වාමින්වහන්සේ, “නැගිට, ඔහු ආලේප කරන්න. පුද්ගලයා ඔහුයි” කී සේක.
1 සාමුවෙල් 16 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 16:5-12
3 Days
Have you grown up reading the Christmas story in the book of Luke? Most of us are very familiar with this story, but there may be some amazing things that you've never noticed before. Let's take a moment this Christmas season to look beyond the manager and discover some interesting facts about the Christmas story.
4 Days
In this devotional we’ll study the life of David, one of the greatest men of the Old Testament. The red headed boy who shepherd sheep, the giant-slayer warrior, the worshipper poet and the one who God himself chose to be King over Israel.
The Bible is the most-read book in all the world, yet sadly, it is not often read well. Rather than feeling inspired and energized, we feel confused, disenchanted, or removed. In this four-day study, Bible scholar and lover of God’s Word, Dr. James Coakley, will equip you with three invaluable strategies that will make you marvel at the creative artistry of God’s Word and bring your Scripture reading to life.
How can the heroes of the Bible inspire us to greatness? Join us in this four-day reading plan as Kristi Krauss motivates us with King David's discipline, King Solomon's temple, Elijah's spiritual vision, and Elijah's battle with false prophets. Don't be surprised if these testimonies transform your life.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ