1 සාමුවෙල් 16:1-5

1 සාමුවෙල් 16:1-5 SCV

ස්වාමින්වහන්සේ සාමුවෙල් ඇමතූ සේක්, “මා විසින් ඉශ්‍රායෙල් කෙරෙහි රජකමින් සාවුල් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබියදී, ඔබ තව කොපමණ කල් ඔහු ගැන ශෝක වෙනවා ද? ඔබේ තෙල්-අඟ තෙලින් පුරවා ගෙන, පිටත් වන්න. බෙත්ලෙහෙම්හි යෙස්සේ වෙත මම ඔබ යවන්නෙමි. ඔහුගේ පුතුන් අතරින් මා උදෙසා රජකු තෝරා ගතිමි” යි පැවසූ සේක. එහෙත් සාමුවෙල්, “කොහොම ද මා යන්නේ? සාවුල්ට මේ ගැන ආරංචි වුණොත්, ඔහු මා මරාවි” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේ කතා කරමින්, “ඔබ සමඟ වැස්සියක ද ගෙන ගොස්, ‘ස්වාමින්වහන්සේට පූජාවක් කරන්නට ආවා’ යි කියන්න. පූජාවට යෙස්සේටත් ඇරියුම් කරන්න. ඉන්පසු කළ යුතු දේ මා ඔබට පෙන්වා දෙන්නම්. මා ඔබට පවසන තැනැත්තා ඔබ මට ආලේප කළ යුතු යැ” යි පැවසූ සේක. ස්වාමින්වහන්සේ පැවසූ පරිදි සාමුවෙල් කළේ ය. ඔහු බෙත්ලෙහෙමට ළඟා වූ කල්හි, නගර වැඩිහිටියෝ ඔහු හමුවට ආවෝ, වෙවුලන්නට වී, “ඔබ එන්නේ සාමයෙන් දැ?” යි ඇසූහ. සාමුවෙල් පිළිතුරු දෙමින්, “ඔව්, සාමයෙනි. මා ආවේ ස්වාමින්වහන්සේට පූජා යාග කරන්නටයි. ඔබත් පවිත්‍ර වී, මා හා යාග පූජාවට එක් වෙන්නැ” යි කීවේ ය. ඉන්පසු යෙස්සේ ද ඔහුගේ පුතුන් ද පවිත්‍ර කර වූ ඔහු, යාග පූජාවට ඔවුන් ද කැඳවී ය.

1 සාමුවෙල් 16:1-5 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය