1 සාමුවෙල් 15
15
සාවුල් ප්‍රතික්ෂේප වීම
1සාමුවෙල්, සාවුල්ට කතා කොට, “ස්වකීය ඉශ්රායෙල් ජනතාවගේ රජු වශයෙන් ඔබ ආලේප කරන පිණිස, ස්වාමින්වහන්සේ මා එවනු ලැබී ය. එබැවින් දැන් ස්වාමින්වහන්සේගේ වචනවලට සවන් දෙන්න. 2සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘ඉශ්රායෙල්වරුන් ඊජිප්තුවේ සිට එන කල, ඔවුන්ගේ මග අවුරමින්, අමලෙක්, ඉශ්රායෙල්වරුන්ට කළ දේ නිසා, ඔවුන්ට මම දඬුවම් කරමි. 3දැන් ගොස්, අමලෙක්ට පහර දී, ඔවුනට අයිති හැම දේ සහමුලින් විනාශ කර#15:3 සහමුලින් විනාශ කර එනම් විනාශය සඳහා සහමුලින් ම ස්වාමීන්වහන්සේට කැප කිරීම දමන්න. ඔවුන් ඉතිරි නො කරන්න. පුරුෂයින් හා ස්ත්‍රීන් ද ළමයින් හා ළපටින් ද ගව හා බැටළුවන් ද ඔටුවන් හා බූරුවන් ද මරා දමන්නැ’ යි” පැවසී ය.
4එබැවින් සාවුල් මිනිසුන් කැඳවා, ටෙලායිම්හි දී ඔවුන් ගණන් කළේ ය. පාබළ සෙබළු දෙලක්ෂයක් ද යූදා මිනිස්සු දස දහසක් ද එහි වූහ. 5සාවුල්, අමලෙක්වරුන්ගේ පුරයට ගොස්, ගිරිකඳුරෙහි සැඟවී, බලා සිටියේ ය. 6සාවුල් කේනීයවරුන්ට කතා කොට, “අමලෙක්වරුන් වෙතින් ඉවත් ව යන්න. මා විසින් ඔවුන් සමඟ ඔබ ද විනාශ කර නො දමන පිණිස අහක් ව යන්න. මන්ද ඉශ්රායෙල්වරුන් ඊජිප්තුවේ සිට එද්දී ඔබ ඔවුන්ට කරුණාව පෙන්නුවා” යි කීවේ ය. එබැවින් කේනිවරු, අමලෙක්වරුන් වෙතින් ඉවත් ව ගියහ.
7ඉන්පසු සාවුල් හවීලා පටන් ඊජිප්තුවට නැගෙනහිරින් වූ ෂූර් දක්වා අමලෙක්වරුන්ට පහර දුන්නේ ය. 8ඔහු අමලෙක්වරුන්ගේ රජු වූ අගග් පණ පිටින් අල්ලාගෙන, සෙසු සියලු ජනයා මුළුමනින් කඩු මුවහතින් වනසා දැම්මේ ය. 9එහෙත් සාවුල් හා හමුදාව, අගග් ද ඉතා හොඳ බැටළුවන්, ගවයින්, තර වස්සන් හා බැටළු පැටවුන් ද ප්‍රයෝජනවත් හැම දෙයක් ද ඉතිරි කර ගත්හ. ඒවා සහමුලින් ම විනාශ කර දැම්මේ නැත. එහෙත් පලක් නැති නො වටිනා හැම දෑ ඔවුහු විනාශයට කැප කළහ.
10එවිට ස්වාමින්වහන්සේගේ වචනය සාමුවෙල් වෙත පැමිණියේ ය. 11“සාවුල් රජකමට පත් කිරීම ගැන මම තැවෙමි. මන්ද ඔහු මා අනුගමන කිරීමෙන් ඉවත හැරී ඇත. මගේ ආඥා ඔහු පිළිපැද නැතැ” යි කී සේක. සාමුවෙල් සංවේගයට පත් විය. මුළු රැය පුරා ඔහු ස්වාමින්වහන්සේට හඬ ගෑවේ ය.
12සාමුවෙල් අලුයම් උදෙන් පිබිද, සාවුල් හමු වන්නට ගියේ ය. එහෙත්, “සාවුල්, කර්මෙල් නුවර වෙත අවුත්, තමා උදෙසා ස්මාරකයක් එහි පිහිටුවා, ආපසු හැරී, ගිල්ගාල් වෙත ගියේ යැ” යි දන්වන ලද්දේ ය.
13සාමුවෙල්, සාවුල් වෙත පැමිණි කල, සාවුල් ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා! ස්වාමින්වහන්සේගේ අණ මා පිළිපැද්දා” යි කීවේ ය.
14එවිට සාමුවෙල් පිළිතුරු දෙමින්, “එසේ නම්, මගේ කන වැකෙන බැටළුවන්ගේ මේ බෑ-බෑ නාදයත්, මගේ කනට ඇසෙන ගවයින්ගේ තප්පුලෑමත් කිමෙක් දැ?” යි ඇසී ය.
15සාවුල් පිළිතුරු දෙමින්, “ජනයා උන් ගෙන ආවේ, අමලෙක්වරුන් වෙතින්. බැටළුවන්ගෙන් හා ගවයන්ගෙන් හොඳ ම උන් ඔවුන් ඉතිරි කර ගත්තේ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට පූජා කරන පිණිසයි. එසේ වුවත්, සෙසු දෑ සහමුලින් ම අප විනාශ කළා” යි පැවසී ය.
16“නවත්වන්නැ” යි පැවසූ සාමුවෙල්, සාවුල් අමතමින්, “මේ රැයේ ස්වාමින්වහන්සේ මට කී දෑ ඔබට කියන්නම්” කීවේ ය.
“කියන්නැ” යි සාවුල් පැවසී ය.
17“කලක් ඔබේ ම ඇස් හමුවේ ඔබ සුළු කෙනකු වුවත්, ඉශ්රායෙල් ගෝත්‍ර වංශ කෙරෙහි නායකත්වයට ඔබ පත් වූවා නො වේ ද? ස්වාමින්වහන්සේ ඉශ්රායෙල්හි රජකමට ඔබ ආලේප කළ සේක. 18ස්වාමින්වහන්සේ මෙහෙවරක ඔබ යැවූ සේක්, ‘යන්න, ඒ දුෂ්ට ජනතාව වන අමලෙක්වරුන් විනාශ කරන්න. ඔවුන් මුළුමනින් නැති කර දමන තුරු ඔවුනට එරෙහිව යුද්ධ කරන්නැ’ යි කී සේක. 19ස්වාමින්වහන්සේගේ කටහඬට එහෙනම් ඔබ කීකරු නො වූයේ මන්ද? කොල්ලය පිට කඩා පැන, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි නපුර කළේ මන්දැ?” යි ඇසී ය.
20සාවුල්, සාමුවෙල්ට පිළිතුරු දෙමින්, “එනමුත් මා ස්වාමින්වහන්සේගේ කටහඬට කීකරු වුණා. ස්වාමින්වහන්සේ මට පැවරූ මෙහෙවරෙහි මා යෙදුණා. මා අමලෙක් රජු වූ අගග් රැගෙන ආවා. අමලෙක්වරුන් සහමුලින් විනාශයට කැප කළා. 21ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගිල්ගාල්හි දී පූජා කරනු සඳහා ජනයා විනාශයට කැප කොල්ලයේ සතුන් අතරින් හොඳ ම බැටළුවන් හා ගවයින් ගත්තා” යි කීවේ ය.
22එහෙත් සාමුවෙල් පිළිතුරු දෙමින්,
“ස්වාමින්වහන්සේගේ කටහඬට අවනත වීම තරම්
දවන යාග හා යාග පූජාවලට ස්වාමින්වහන්සේ ප්‍රසන්න ද?
බලන්න! කීකරුවීම පූජාවට වඩා අගනේ ය.
සවන් දීම බැටළු මේදයට වඩා අගනේ ය.
23මන්ද කැරලිකාරකම, පේන කීමේ පාපයට සමාන ය.
මුරණ්ඩුකම, දුෂ්ටකමට හා රූප වන්දනාවට සමාන ය.
ස්වාමින්වහන්සේගේ වචනය ඔබ ප්‍රතික්ෂේප කළ බැවින්,
උන්වහන්සේ රජකමින් ඔබ ප්‍රතික්ෂේප කළ සේකැ” යි
කීවේ ය.
24එවිට සාමුවෙල් ඇමතූ සාවුල්, “මා පව් කළා. ස්වාමින්වහන්සේගේ ආඥාවත්, ඔබේ වචනත් මා කඩ කළා. ජනතාවට බියෙන්, මා ඔවුන්ගේ කැමැත්තට ඉඩ දුන්නා. 25එබැවින් දැන් මගේ පාපයට කමා වී, ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට මට හැකි වන පිණිස, මා සමඟ ආපසු එන ලෙසට උදක් ම ඉල්ලා සිටිනවා” යි කීවේ ය.
26එහෙත් සාමුවෙල්, සාවුල්ට කතා කරමින්, “මා ඔබ සමඟ ආපසු යන්නේ නෑ. ඔබ, ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කර ඇත. ඉශ්රායෙල් කෙරෙහි රජකමින් ස්වාමින්වහන්සේ ඔබ ප්‍රතික්ෂේප කර ඇතැ” යි පැවසී ය.
27සාමුවෙල් ඉවත් ව යන්නට හැරෙද්දී, සාවුල් ඔහුගේ ලෝගුවේ වාටියෙන් අල්ලා ගත්තේ ය. එවිට එය ඉරී ගියේ ය. 28එවිට සාමුවෙල් ඔහු අමතමින්, “ස්වාමින්වහන්සේ ඉශ්රායෙල් රාජ්‍යය අද දවසේ ඔබගෙන් ඉරා, ඔබේ අසල්වැසියකුට, ඔබට වඩා හොඳ කෙනකුට දී ඇත. 29ඉශ්රායෙල්හි තේජෝමහිමයාණෝ බොරු නො කියන සේක; ස්වකීය අදහස ගැන නො තැවෙන සේක. මන්ද තැවෙන්නට උන්වහන්සේ මිනිසකු නො වේ යැ” යි පැවසී ය.
30සාවුල් කතා කරමින්, “මම පව් කළෙමි. එහෙත් කරුණාකර මගේ ජනයාගේ වැඩිහිටියන් ඉදිරියේත්, ඉශ්රායෙල්වරුන් ඉදිරියේත් මට ගෞරවය දෙන්න. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට නමස්කාර කිරීමට, මට හැකි වන පිණිස, මා සමඟ ආපසු යෑමට එන්නැ” යි ඉල්ලී ය. 31එබැවින් සාමුවෙල්, ආපසු හැරී සාවුල් සමඟ ගියේ ය. සාවුල් ස්වාමින්වහන්සේට නමස්කාර කළේ ය.
32ඉන්පසු සාමුවෙල්, “අමලෙක්වරුන්ගේ රජු, අගග් මවෙත ගෙනෙන්නැ” යි කීවේ ය.
එවිට අගග්, “මරණයේ තිත්තකම සැබවින් ම පහ විණැ” යි සිතමින් වෙවුල වෙවුලා ඔහු වෙත ආවේ ය.
33එහෙත් සාමුවෙල් කතා කරමින්,
“නුඹේ කඩුව, කාන්තාවන් දරුවන් නැති අම්මලා බවට පත් කළා සේ ම,
නුඹේ මවත්, කාන්තාවන් අතරේ දරුවන් නැති කෙනකු වනු ඇතැ” යි
කීවේ ය.
ඉන්පසු සාමුවෙල් ගිල්ගාල්හි දී ස්වාමින්වහන්සේ ඉදිරියේ අගග් කැබලි කොට කපා හෙළී ය.
34ඉන්පසු සාමුවෙල්, රාමා බලා පිටත් විය. එහෙත් සාවුල්, තම නිවස පිහිටි සාවුල්ගේ ගිබෙයා වෙත ගියේ ය. 35සාමුවෙල් මිය යන තෙක් ම, යළිදු සාවුල් හමුවට ගියේ නැත. එහෙත් සාමුවෙල් සාවුල් උදෙසා ශෝක වූයේ ය. ඉශ්රායෙල් කෙරෙහි රජකමට සාවුල් පත් කිරීම ගැන ස්වාමින්වහන්සේ තැවුණු සේක.
දැනට තෝරාගෙන ඇත:
1 සාමුවෙල් 15: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: