1 සාමුවෙල් 15:20-22

1 සාමුවෙල් 15:20-22 SCV

සාවුල්, සාමුවෙල්ට පිළිතුරු දෙමින්, “එනමුත් මා ස්වාමින්වහන්සේගේ කටහඬට කීකරු වුණා. ස්වාමින්වහන්සේ මට පැවරූ මෙහෙවරෙහි මා යෙදුණා. මා අමලෙක් රජු වූ අගග් රැගෙන ආවා. අමලෙක්වරුන් සහමුලින් විනාශයට කැප කළා. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ගිල්ගාල්හි දී පූජා කරනු සඳහා ජනයා විනාශයට කැප කොල්ලයේ සතුන් අතරින් හොඳ ම බැටළුවන් හා ගවයින් ගත්තා” යි කීවේ ය. එහෙත් සාමුවෙල් පිළිතුරු දෙමින්, “ස්වාමින්වහන්සේගේ කටහඬට අවනත වීම තරම් දවන යාග හා යාග පූජාවලට ස්වාමින්වහන්සේ ප්‍රසන්න ද? බලන්න! කීකරුවීම පූජාවට වඩා අගනේ ය. සවන් දීම බැටළු මේදයට වඩා අගනේ ය.