1 සාමුවෙල් 14:49-52
1 සාමුවෙල් 14:49-52 SCV
සාවුල්ගේ පුත්තු නම් යොනාතාන්, ඉෂ්වී හා මල්කී-ෂුවා ය. ඔහුගේ කුලුඳුල් දියණියගේ නම මේරබ් ය. ඔහුගේ බාල දියණිය මීකල් ය. සාවුල්ගේ බිරිඳගේ නම අහිනොවම් ය. ඈ අහිමාස්ගේ දියණියයි. සාවුල්ගේ හමුදා නායකයාගේ නම අබ්නේර් ය. අබ්නේර්, නේර්ගේ පුත්‍රයා ය. නේර්, සාවුල්ගේ බාප්පා ය. සාවුල්ගේ පියා වූ කීෂ් හා අබ්නේර්ගේ පියා වූ නේර් යන දෙදෙනා අබියෙල්ගේ පුත්‍රයෝ ය. සාවුල්ගේ පාලන කාලය පුරා ම පිලිස්තිවරුන් සමඟ දරුණු සටන් පැවතිණි. හුරුවිරු-එඩිතර මිනිසකු දුටු හැම විටෙක ම සාවුල් තම සේවයට ඔහු බඳවා ගත්තේ ය.

