ඉන්පසු සාමුවෙල් ස්වාමින්වහන්සේට හඬ ගැසුවේ ය. ස්වාමින්වහන්සේ ඒ දවසේ ම ගිගුරුම් ද වැස්ස ද එවූ සේක. එබැවින් මුළු ජනතාව ම ස්වාමින්වහන්සේටත්, සාමුවෙල්ටත් අතිශයෙන් භය වූහ. එවිට මුළු මහත් ජනයා සාමුවෙල්ට කතා කොට, “අප නො නසින පිණිස, ඔබේ සේවකයින් උදෙසා ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට යාච්ඤා කරන්න. මන්ද අප විසින් කරන ලද සියලු පාප අතරට රජකු ඉල්ලීමේ මෙම දුෂ්ටකමත් ඈඳී ඇතැ” යි කීහ. සාමුවෙල් පිළිතුරු දෙමින්, “භය නො වන්න; මේ හැම දුෂ්ටකමක් ම නුඹලා කර ඇති නමුත් ස්වාමින්වහන්සේ අනුගමන කිරීමෙන් ඉවත නො හැරී, ඔබේ මුළු හදින් ස්වාමින්වහන්සේට සේවය කරන්න. කමකට නැති දේවලට හැරී නො යන්න. ඔවුනට කළ හැකි සෙතක් නැත. ඔබ මුදා ගන්නට ඒවාට බැරි ය. මන්ද ඒවා හිස් ය. ස්වාමින්වහන්සේ ස්වකීය උත්තම නාමය නිසා තම ජනතාව ප්‍රතික්ෂේප නො කරන සේක. මන්ද තමන්වහන්සේගේ ම වූ ජනතාවක් කොට, ඔබ පත් කර ගන්නට ස්වාමින්වහන්සේ ප්‍රසන්න වූ සේක. මා ගැන කියතහොත්, ඔබ උදෙසා යාච්ඤා කිරීම නවතා දැමීම මගින්, ස්වාමින්වහන්සේට එරෙහිව පව් කිරීම මවෙතින් දුරු වේවා. මම ඔබට යහපත් වූත්, නිවැරදි වූත් මාර්ගය පෙන්වා දෙන්නෙමි. ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව, ඔබේ මුළු හදින් විශ්වාසී ව, උන්වහන්සේට සේවය කිරීමට වග බලා ගන්න. ඔබ උදෙසා උන්වහන්සේ කොතරම් මහත් දෑ කර ඇත්දැයි සිතා බලන්න. එහෙත් ඔබ දිගට ම දුෂ්ටකම්හි නියැළේ නම්, ඔබත්, ඔබගේ රජුත් විනාශ කර දමනු ලැබේ යැ” යි පැවසී ය.
1 සාමුවෙල් 12 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 සාමුවෙල් 12:18-25
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ