1 සාමුවෙල් 12:1-4

1 සාමුවෙල් 12:1-4 SCV

සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් ජනතාවට කතා කොට, “මෙන්න, ඔබ මට පැවසූ හැම දේට ම මා ඔබට ඇහුම්කන් දී, ඔබට රජකු පත් කර දුන්නා. ඔන්න දැන් ඔබේ නායකයා වශයෙන් ඔබට රජ කෙනකු සිටී. බලන්න මා දැන් සිටින්නේ මහලු ව, පැසුණු හිසකේ ඇතිවයි. මගේ පුත්තු ඔබ අතරෙයි. බාල වයසේ පටන් අද දවස දක්වාත් මා ඔබේ නායකයා ව සිටියා. මෙන්න මම මෙතැන; ස්වාමින්වහන්සේ ඉදිරියේත්, උන්වහන්සේගේ ආලේප ලද්දාණන් ඉදිරියේත් මට එරෙහිව පැමිණිලි කරන්න. මා කවරකුගේ ගවයා ගත්තා ද? මා කවරකුගේ බූරුවා ගත්තා ද? මා වංචා කළේ කවුරුන්ට ද? මා පීඩා කළේ කවුරුන්ට ද? යුක්තියට ඇස් වසාගනිමින්, මා කවරකුගෙන් අල්ලස් ගෙන තියේ ද? මින් එකක් හෝ මා කර ඇත්නම්, මම එය නැවත ගෙවන්නෙමි” යි පැවසී ය. එවිට ඔවුහු පිළිතුරු දෙමින්, “ඔබ අපට වංචා කළේවත්, පීඩා කළේවත් නැත. කිසිවකුගේ අතින් කිසිවක් ගත්තේ ද නැතැ” යි කීහ.