1 සාමුවෙල් 10

10
රාජාලේපය
1ඉන්පසු තෙල් කුළාව ගෙන, සාවුල්ගේ හිස මත වත් කළ සාමුවෙල්, ඔහු සිප, “ස්වාමින්වහන්සේ ස්වකීය උරුමය#10:1 ස්වකීය උරුමය හෙබ්‍රෙව් අනුව ය. ග්‍රීක සහ ලතින් පිටපත්වල ස්වකීය ජනයා වන ඉශ්‍රායෙල් ලෙස ඇත තවද මෙවැනි වාක්‍යකණ්ඩයක් ද ඇතුළත් කර තිබේ. එනිසා ඔබ ස්වාමින්වහන්සේගේ ජනතාවට රජකම් කරනු ඇත. ඔවුන් වටා සිටින සතුරන් අතින් ඔබ ඔවුන් ගලවනු ඇත. ස්වාමින්වහන්සේ ස්වකීය උරුමය කෙරෙහි අධිපතියා කොට ඔබ ආලේප කළ වගට ඔබට දෙනු ලබන සලකුණ මෙයයි. කෙරෙහි අධිපතියා කොට ඔබ ආලේප කළ සේක් නො වේ ද? 2අද ඔබ මා වෙතින් ඉවත් ව යන කල, බෙන්යමින් දේශ සීමාවේ සෙල්සාහි, රාඛෙල්ගේ සොහොන අසලදී මිනිසුන් දෙදෙනකු ඔබට හමු වනු ඇත. ඔවුන් ඔබට කතා කොට, ‘ඔබ සොයන්නට ගිය බූරු දෙනුන් හමු වුණා. දැන් ඔබේ පියා බූරු දෙනුන් ගැන කල්පනාව අත්හැර, ඔබ ගැන කනස්සලු වෙමින් සිටී. “මගේ පුතා ගැන මා කුමක් කරන්නේ ද?” කියා ඔහු අසතැ’ යි” කී වග කියනු ඇත.
3“එයින් ඔබ්බට යන ඔබ, තාබෝර්ගේ ආලෝන් ගස වෙත ළඟා වනු ඇත. දෙවියන්වහන්සේ වෙත බෙතෙල් බලා යන මිනිසුන් තිදෙනකු එහිදී ඔබට මුණ ගැසේ. ඉන් කෙනකු එළු පැටවුන් තුන් දෙනකු ද අනෙකා රොටි තුනක් ද තෙවැන්නා මිදි යුෂ සම් බඳුනක් ද ගෙන යනු ඇත. 4ඔවුන් ඔබට ආචාර කොට, ඔවුන් අතින් ඔබ බාරගන්නා රොටි දෙකක්, ඔවුන් ඔබට පිළිගන්වනු ඇත.
5“ඉන්පසු ඔබ ගිබෙයත්-හා-එලොහීම් වෙත යනු ඇත. එහි පිලිස්තීය මුරපොළක් වෙයි. ඔබ නගරයට ළඟා වෙත් ම, දිවැසිවරුන් කණ්ඩායමක් තමන්ට ඉදිරියෙන් වීණා, රබන්, නළා හා කුඩා වීණා වැයෙද්දී, කන්දේ උස් තැන් පුදසුන වෙතින් බැස එනු ඔබට මුණ ගැසේ. ඔවුන් දිවැස් වැකි පවසනු ඇත. 6එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් තරයේ ම ඔබ කරා පහළ වෙයි. එවිට ඔබත් ඔවුන් සමඟ දිවැස් වැකි පවසමින්, වෙනස් පුද්ගලයකු බවට පත් වෙයි. 7මේ ලකුණු ඉටු වූ කල, සුදුසුයැයි ඔබට හැඟෙන කවර දෙයක් වුව කරන්න. මන්ද දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක.
8“මට පෙරටුව ගිල්ගාල් වෙත යන්න; දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කරන පිණිස, නිසැක ව ම මා ඔබ වෙත එනවා. මා ඔබ වෙත අවුත්, ඔබ විසින් කළ යුතු දෑ ඔබට දන්වන තුරු, ඔබ හත් දවසක් නැවතී බලා සිටිය යුතු යැ” යි පැවසී ය.
සාවුල් රජ
9සාමුවෙල් වෙතින් නික්ම යන්නට ඔහු පසු පසට හැරුණු කල, දෙවියන්වහන්සේ සාවුල්ට වෙනත් හදවතක් දුන් සේක. ඒ දවසේ ඒ සියලු ලකුණු ඉටු විය. 10ඔවුන් ගිබෙයා වෙතට ළඟා වෙද්දී, මෙන්න! දිවැසිවරුන් කණ්ඩායමක් ඔහුට මුණ ගැසිණි. දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණෝ තරයේ ම ඔහු කරා පැමිණි සේක. එවිට ඔවුන් සමඟ ඔහු ද දිවැස් වැකි පවසන්නට විය. 11කලින් ඔහු දැන සිටි සියල්ලෝ, ඔහු දිවැසිවරුන් සමඟ දිවැස් වැකි පවසනු දුටු කල, “මොකක් ද මේ කීෂ්ගේ පුත්‍රයාට සිදු වී ඇත්තේ? සාවුල් දිවැසිවරුන් අතරේ දැ?” යි එකිනෙකාගෙන් අසාගත්හ.
12එහි විසූ කෙනෙක් පිළිතුරු දෙමින්, “ඔවුන්ගේ පියා කවුරු දැ?” යි ඇසී ය. මෙසේ, “සාවුල් දිවැසිවරුන් අතරේ ද” යන කියමන ප්‍රස්තාව පිරුළක් බවට පත් විණි. 13දිවැස් වැකි පැවසීම නිම කළ පසු, ඔහු උස් තැන් පුදසුන වෙත ගියේ ය.
14සාවුල්ගේ බාප්පා ඔහුටත්, ඔහුගේ සේවකයාටත් කතා කොට, “කොහේ ද නුඹලා ගියේ?” යි ඇසී ය.
ඔහු පිළිතුරු දෙමින්, “බූරු දෙනුන් සොයන්නටයි. උන් සොයා ගන්නට නො හැකි වග දැක්කහම අප සාමුවෙල් ළඟට ගියා යැ” යි කීවේ ය.
15“සාමුවෙල් ඔබට කීවේ මොනවා ද කියා මට කියන්නැ” යි සාවුල්ගේ බාප්පා කීවේ ය.
16සාවුල් පිළිතුරු දෙමින්, “බූරු දෙනුන් හමු වී ඇති වග ඔහු සහතික කොට කීවා” යි පැවසී ය. එහෙත්, රජකම ගැන සාමුවෙල් පැවසූ දෑ, සාවුල් ඔහුට කීවේ නැත.
17සාමුවෙල්, මිස්පාහි දී ස්වාමින්වහන්සේ වෙත ඉශ්‍රායෙල් ජනයා රැස් කරවා, 18ඔවුන්ට මෙසේ පැවසී ය. “ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවියන්වහන්සේ මෙසේ කියන සේක: ‘මම ඉශ්‍රායෙල්, ඊජිප්තුවෙන් පිටතට ගෙනාවෙමි. ඊජිප්තුවේ අතින් ද ඔබට පීඩා කළ සියලු රාජ්‍යයන් අතින් ද මම ඔබ මුදා ගතිමි.’ 19එහෙත් අද නුඹලා ප්‍රතික්ෂේප කොට ඇත්තේ, නුඹලාගේ සියලු ආපදා හා විපත්තිවලින් නුඹලා ගලවන නුඹලාගේ දෙවියන්වහන්සේ ය; තවද නුඹලා ඉල්ලා සිටියේ, ‘නෑ, අපට රජකු පත් කර දෙන්න’ කියායි. එබැවින් දැන් ඔබගේ ගෝත්‍ර හා පෙළපත් අනුව ස්වාමින්වහන්සේ ඉදිරියේ පෙනී සිටින්නැ” යි කීවේ ය.
20සාමුවෙල්, ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ සියල්ල ළං කර වූ කල, බෙන්යමින් ගෝත්‍රය පස ඇටයෙන් ගනු ලැබිණ. 21ඉන්පසු ඔහු බෙන්යමින් ගෝත්‍රයේ එක් එක් පෙළපත ළං කර වූ කල, මට්රී පෙළපත පස ඇටයෙන් ගනු ලැබිණ. ඉන්පසු කීෂ්ගේ පුත් සාවුල් පස ඇටයෙන් තෝරාගනු ලැබිණ. එහෙත් ඔවුහු ඔහු සෙවූ කල, ඔහු දක්නට නො වී ය. 22එබැවින් ඔවුහු තවදුරටත් ස්වාමින්වහන්සේ විමසමින්, “ඒ මිනිසා මෙහි අවුත් සිටී දැ?” යි ඇසූහ.
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “අන්න! ඔහු බඩු අතරේ සැඟවී සිටිතැ” යි පැවසූ සේක.
23ඔවුහු දුව ගොස්, ඔහු පිටතට ගෙන ආහ. ජනයා අතරේ සිටගත් කල, උරහිස පටන් ඉහළට අන් කවරකුටත් වඩා ඔහු උසින් යුතු විණි. 24සාමුවෙල් මුළු ජනයා අමතමින්, “ස්වාමින්වහන්සේ තෝරා ඇති මිනිසා ඔබට පෙනේ ද? සියලු ඉශ්‍රායෙල්වරුන් අතරේ ඔහුට සමාන කිසිවකුත් නැතැ” යි පැවසී ය.
එවිට ජනයා, “රජ්ජුරුවෝ දිගු කල් දිනේවා!” යි කෑ මොර දුන්හ.
25ඉන්පසු සාමුවෙල් රාජ්‍යත්වය පිළිබඳ අයිතීන් හා රාජකාරී ජනතාවට පැහැදිලි කළේ ය. ඔහු ඒවා අකුළන පොතක ලියා, ස්වාමින්වහන්සේ ඉදිරියෙහි තැබී ය. ඉන්පසු සාමුවෙල්, ජනතාව ඔවුනොවුන්ගේ ගෙවලට යැවී ය.
26සාවුල් ද ගිබෙයාහි තම නිවසට ගියේ ය. දෙවියන්වහන්සේ විසින් අත ගසන ලද හදවත් තිබූ වික්‍රමාන්විත මිනිස්සු ද ඔහු සමඟ ගියහ. 27එහෙත් දුදනන් ඇතැම් දෙනෙක්, “මේ මිනිහා අප ගලවන්නේ කෙසේ දැ?” යි කියමින්, ඔහු හෙළා දැක, ඔහුට කිසිදු ත්‍යාගයක් ගෙන ආවේ නැත. එහෙත් සාවුල් කරබාගෙන සිටියේ ය.

දැනට තෝරාගෙන ඇත:

1 සාමුවෙල් 10: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න