1 සාමුවෙල් 10:1-8

1 සාමුවෙල් 10:1-8 SCV

ඉන්පසු තෙල් කුළාව ගෙන, සාවුල්ගේ හිස මත වත් කළ සාමුවෙල්, ඔහු සිප, “ස්වාමින්වහන්සේ ස්වකීය උරුමය කෙරෙහි අධිපතියා කොට ඔබ ආලේප කළ සේක් නො වේ ද? අද ඔබ මා වෙතින් ඉවත් ව යන කල, බෙන්යමින් දේශ සීමාවේ සෙල්සාහි, රාඛෙල්ගේ සොහොන අසලදී මිනිසුන් දෙදෙනකු ඔබට හමු වනු ඇත. ඔවුන් ඔබට කතා කොට, ‘ඔබ සොයන්නට ගිය බූරු දෙනුන් හමු වුණා. දැන් ඔබේ පියා බූරු දෙනුන් ගැන කල්පනාව අත්හැර, ඔබ ගැන කනස්සලු වෙමින් සිටී. “මගේ පුතා ගැන මා කුමක් කරන්නේ ද?” කියා ඔහු අසතැ’ යි” කී වග කියනු ඇත. “එයින් ඔබ්බට යන ඔබ, තාබෝර්ගේ ආලෝන් ගස වෙත ළඟා වනු ඇත. දෙවියන්වහන්සේ වෙත බෙතෙල් බලා යන මිනිසුන් තිදෙනකු එහිදී ඔබට මුණ ගැසේ. ඉන් කෙනකු එළු පැටවුන් තුන් දෙනකු ද අනෙකා රොටි තුනක් ද තෙවැන්නා මිදි යුෂ සම් බඳුනක් ද ගෙන යනු ඇත. ඔවුන් ඔබට ආචාර කොට, ඔවුන් අතින් ඔබ බාරගන්නා රොටි දෙකක්, ඔවුන් ඔබට පිළිගන්වනු ඇත. “ඉන්පසු ඔබ ගිබෙයත්-හා-එලොහීම් වෙත යනු ඇත. එහි පිලිස්තීය මුරපොළක් වෙයි. ඔබ නගරයට ළඟා වෙත් ම, දිවැසිවරුන් කණ්ඩායමක් තමන්ට ඉදිරියෙන් වීණා, රබන්, නළා හා කුඩා වීණා වැයෙද්දී, කන්දේ උස් තැන් පුදසුන වෙතින් බැස එනු ඔබට මුණ ගැසේ. ඔවුන් දිවැස් වැකි පවසනු ඇත. එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණන් තරයේ ම ඔබ කරා පහළ වෙයි. එවිට ඔබත් ඔවුන් සමඟ දිවැස් වැකි පවසමින්, වෙනස් පුද්ගලයකු බවට පත් වෙයි. මේ ලකුණු ඉටු වූ කල, සුදුසුයැයි ඔබට හැඟෙන කවර දෙයක් වුව කරන්න. මන්ද දෙවියන්වහන්සේ ඔබ සමඟ වන සේක. “මට පෙරටුව ගිල්ගාල් වෙත යන්න; දවන යාග පූජා හා ශාන්ති පූජා ඔප්පු කරන පිණිස, නිසැක ව ම මා ඔබ වෙත එනවා. මා ඔබ වෙත අවුත්, ඔබ විසින් කළ යුතු දෑ ඔබට දන්වන තුරු, ඔබ හත් දවසක් නැවතී බලා සිටිය යුතු යැ” යි පැවසී ය.