1 සාමුවෙල් 1:3-10

1 සාමුවෙල් 1:3-10 SCV

සේනාංකවල ස්වාමින්වහන්සේට නමස්කාර කරන්නට හා යාග පූජා ඔප්පු කරන්නට වසරින් වසර මේ මිනිසා, තම නගරයේ සිට ෂීලෝ වෙත යාමට පුරුදු වී සිටියේ ය. එහි ස්වාමින්වහන්සේගේ පූජකයින් ව සිටියේ ඒලීගේ පුතුන් දෙදෙනා වූ හොෆ්නී හා පීනෙහාස් ය. යාග පූජා ඔප්පු කරන දවසේ, එල්කානා තම බිරිඳ වූ පෙනින්නාටත්, ඇගේ සියලු පුතුන් හා දූවරුන්ටත් කොටස් දුන්නේ ය. එහෙත් හන්නාට ඔහු දෙගුණයක කොටසක් දුන්නේ ය. ඒ, ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණා වුව ද, ඔහු ඇයට ආදරය කළ නිසා ය. ස්වාමින්වහන්සේ ඇගේ ගර්භය පියවා තිබූ බැවින්, ඇගේ තරඟකාරිය ඇය දැඩි ව රිදවනු පිණිස ඇය කෝප ගැන්වීමට පුරුදු ව සිටියා ය. වසරින් වසර එසේ සිදු විණි. ස්වාමින්වහන්සේගේ ගෘහයට ගිය හැම විටෙක ම පාහේ ඈ ඇය කෝපගන්වයි. එවිට ඈ හඬන්නට වී, කිසිවක් අහරට නො ගෙන සිටින්නී ය. එවිට ඇගේ සැමියා, එල්කානා ඇය අමතමින්, “හන්නා, ඇයි ඔබ හඬන්නේ? ඇයි ඔබ කිසිවක් නො කන්නේ? ඇයි ඔබ සිතින් දුක් වන්නේ? පුතුන් දස දෙනකුටත් වඩා ඔබට මා වටින්නේ නැති දැ?” යි අසයි. ෂීලෝහි දී ඔවුන් කෑ-බී පසු, හන්නා නැගිට්ටා ය. ඒ අතර පූජක ඒලී ස්වාමින්වහන්සේගේ මාලිගයේ උළුවස්ස පසෙක අසුනක හිඳගෙන සිටියේ ය. අධික සිත් තැවුලෙන් හොඳට ම හැඬූ හන්නා, ස්වාමින්වහන්සේට යාච්ඤා කළා ය.

1 සාමුවෙල් 1:3-10 සඳහා වීඩියෝව

1 සාමුවෙල් 1:3-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය