1 පේතෘස් 5
5
සභා-මූලිකයන් හා රැළ වෙත
1ක්‍රිස්තුස්වහන්සේගේ දුක් පීඩාවල සාක්ෂිකරුවකු හා මතු එළිදරවු වන තේජෝ මහිමයේ පංගුකරුවකු වන මම, ඔබ හා සමාන සභා-මූලිකයකු වශයෙන් ඔබ අතර සිටින සභා-මූලිකයන්ගෙන් මෙසේ අයදිමි. 2විශ්වාසී භාරකරුවන් සේ සේවය කරමින්, ඔබ භාරයේ වෙසෙන දෙවියන්වහන්සේගේ බැටළු රැළ රැක-බලාගන්න; එය කළ යුත්තේ බලකිරීමක් නිසා නො ව, දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන පරිදි ස්ව-කැමැත්තෙනි; ලජ්ජා සහගත වාසියකට නො ව, සේවයට ලැදියාවෙනි; 3ඔබට භාර දෙන ලද්දවුන් වෙත අධිපතිකමින් නො ව, රැළට ආදර්ශවත් වෙමිනි. 4එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වන කල නො මැලවෙන තේජසේ කිරුළ ඔබට ලැබෙනු ඇත.
5එසේ ම, තරුණ වූ ඔබ, වැඩිහිටියනට අවනත වන්න. ඔබ හැම කෙනෙක් ම එකිනෙකා වෙත යටහත්කමින් සැරසෙන්න. මන්ද,
“දෙවියන්වහන්සේ උඩඟු වූවනට එරෙහි වන සේක්,
යටහතුනට අනුග්‍රහය දෙන සේක.”#5:5 හිතෝප 3:34
6එබැවින් නිසි කල්හි දෙවියන්වහන්සේ ඔබ උසස් කරන පිණිස, උන්වහන්සේගේ පරාක්‍රමවත් හස්තය යටතේ යටත් වන්න. 7උන්වහන්සේ ඔබ ගැන සැලකිලිමත් බැවින්, ඔබගේ හැම තැවුල් උන්වහන්සේ වෙත හෙළා ලන්න.
8සන්සුන් ව සිටින්න; විමසිල්ලෙන් සිටින්න. ඔබගේ සතුරා වූ යක්ෂයා කවරකු ගොදුරු කර ගනිම්දෝයි මාන බලමින්, ගොරවන සිංහයකු සේ ඔබ මොබ ගැවසෙයි. 9ලොව පුරා ඔබගේ සහෝදරයින් ද ඔබ මෙන් එක ම විදියේ දුක් පීඩා මැදින් ගමන් ගන්නා බව ඔබ දන්නා බැවින්, ඇදහිල්ලේ ස්ථාවර ව පිහිටා සිට, යක්ෂයාට එරෙහි වන්න.
10ස්වල්ප කලක් දුක් විඳි පසු, ක්‍රිස්තුස්වහන්සේ තුළ තමන්වහන්සේගේ සදාතනික තේජෝමහිමයට ඔබ කැඳවා ගත්, සකල අනුග්‍රහයේ දෙවියන්වහන්සේ, ඔබ ප්‍රකෘතිමත් කර, ශක්තිමත් කර, ස්ථාවර කර, ස්ථිර පදනමක ඔබ පිහිටු වන සේක. 11උන්වහන්සේට සදහට ම, සදාතනික ව බලපරාක්‍රමය වේවා! ආමෙන්.
සමාචාර
12විශ්වාසී සහෝදරයෙකැයි මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන්, ඔබ දිරි ගන්වමින්, දෙවියන්වහන්සේගේ යථා අනුග්‍රහය මේ යයි සාක්ෂි දෙමින් මම ඔබට ලුහුඬින් ලීවෙමි. අනුග්‍රහයේ ස්ථාවර ව පිහිටා සිටින්න.
13ඔබ සමඟ දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද බබිලෝනි සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මා පුත් මාර්ක් ද ඔබට ආචාර කරයි.
14ප්‍රේමයේ සිපාචාරයකින් එකිනෙකාට සමාචාර දක්වන්න.
ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින ඔබ හැමට සාමය වේවා!
දැනට තෝරාගෙන ඇත:
1 පේතෘස් 5: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: