එබැවින් සියලු ද්වේෂ, සියලු රැවටිලි, වංකකම් හා ඊර්ෂ්‍යා ද සකල අපහාස ද දුරැලන්න. සැබවින් ම, ස්වාමින්වහන්සේ යහපත් වග ඔබ රස බලා තිබේ නම් ඔබගේ ගැලවීමේ මෝරා වැඩෙන පිණිස, අලුත උපන් බිළිඳුන් මෙන් අමිශ්‍ර ආත්මික කිරට බෙහෙවින් ලොල් වන්න. මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුදු දෙවියන්වහන්සේ විසින් තෝරා ගන්නා ලද, උන්වහන්සේට අනර්ඝ වූ ජීවමාන ගලක් බඳු තැනැත්තාණන් වෙත ඔබ ආ කල, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේට පිළිගත මනා ආත්මික යාග පූජා ඔප්පු කරන ශුද්ධ වූ පූජක පන්තියක් වන පිණිස, ඔබත් ආත්මික ගෘහයක් ව ගොඩ නැගෙන ජීවමාන ගල් වැන්න. මන්ද ශුද්ධ ලියවිල්ල දක්වන්නේ මෙසේ ය: “මෙන්න, තෝරාගනු ලැබූ, අනර්ඝ කොනේ ගලක්, මම සියොනෙහි තබමි; උන්වහන්සේ තුළ විශ්වාස කරන කිසිවෙක්, ලජ්ජාවට පත් නො වේ.” මේ අනර්ඝ වටිනාකම අදහන්නා වූ ඔබට ය; එහෙත් නො අදහන්නා වූ අයට, “ඉදිකරන්නන් ප්‍රතික්ෂේප කළ ගල, ප්‍රධාන කොනේ ගල බවට පත් විය.” තවද එය, “පැකිළවීමේ ගලකි, බාධාවේ පර්වතයකි.” ඔවුහු වචනයට අකීකරු ව පැකිළෙති. ඒ, ඔවුනට නියම ව ඇති පරිදි ය. එහෙත් ඔබ! අන්ධකාරයෙන් ස්වකීය විස්මිත ආලෝකයට ඔබ කැඳවූ තැනැන්වහන්සේගේ විශිෂ්ටතා ප්‍රකාශ කරන පිණිස, තෝරාගනු ලැබූ වංශයකි; රාජකීය පූජක පැලැන්තියකි; ශුද්ධ වූ ජාතියකි; දෙවියන්වහන්සේගේ ම භුක්තිය වූ ජනතාවකි. වරක් ඔබ ජනතාවක් ව සිටියේ නැත. එහෙත් දැන් ඔබ දෙවියන්වහන්සේගේ ජනතාව ය. වරක් ඔබ දයාව ලද්දේ නැත. එහෙත් දැන් ඔබ දයාව ලැබ සිටිති. ප්‍රේමණීයයනි, විදේශීන් හා ආගන්තුකයින් වූ ඔබගෙන් මා උදක් ම ඉල්ලා සිටින්නේ ඔබේ ජීවයට එරෙහිව යුද වදින මාංසික තෘෂ්ණාවන්ගෙන් වැළකී සිටින ලෙසයි. ඔබ වැරදි කරන්නවුන් යැයි අන්‍ය-ජාතීන් ඔබට චෝදනා කළත්, ඔවුන් ඔබගේ යහ වැඩ දැක, විනිශ්චය දවසේ ඔවුන් දෙවියන්වහන්සේට මහිමය දක්වන පිණිස, අන්‍ය-ජාතීන් අතරේ ගෞරවනීය ව පැවත සිටින්න. හැම මිනිස් අධිකාරිත්වයකට ස්වාමින්වහන්සේ උදෙසා යටත් වන්න. ඒ, ශ්‍රේෂ්ඨ බලධාරියා වශයෙන් රජු විය හැකි ය; නපුර කරන්නවුනට දඬුවම් දෙන්නටත්, හරි දේ කරන්නවුන් පසසන්නටත් ඔහු විසින් යවන ලද ආණ්ඩුකරුවන් විය හැකි ය. මන්ද දෙවියන්වහන්සේගේ කැමැත්ත එයයි; එනම් හරි දේ කිරීමෙන්, මෝඩ මිනිසුන්ගේ නූගත්කම නිරුත්තර කිරීමයි. නිදහස් මිනිසුන් ලෙස ජීවත් වන්න. එහෙත් ඔබගේ නිදහස දුෂ්ටකම් වසාගැන්මේ ආවරණයක් කර නො ගෙන, දෙවියන්වහන්සේගේ දාසයින් ලෙස ජීවත් වන්න. හැමට ගෞරව දක්වන්න. සහෝදරත්වයට ප්‍රේම කරන්න. දෙවියන්වහන්සේට භය වෙන්න. රජුට ගරු කරන්න.
1 පේතෘස් 2 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 පේතෘස් 2:1-17
3 Days
The good news, or gospel, is absolutely central to faith in Jesus. For some of us, the details around the gospel can seem foggy; to some it's a way to avoid hell, or maybe to others it's a piece of advice for your life. In this study, we will dive into what it means to be equipped with the good news of Jesus.
Do you ever wonder if you are qualified for what lies ahead? The qualification from our Father isn’t a one-time event but a constant wooing that draws us closer and closer to His heart. The song of His calling is always new, always fresh, and always hopeful for the future. Join us for a deep, 3-day journey as we explore the heart of God, our calling, and the power of dark hallways.
4 Days
What is a hero? A hero isn’t necessarily someone with superhuman strength; it’s actually someone who has courage, outstanding achievements, or noble qualities. What better place to demonstrate the attributes of a hero than in your own home and with the ones you love the most. Husbands, with this plan we are going to break down ways for you to become the hero of your home.
5 Days
This Life.Church Bible Plan is a study of 1 Peter to accompany Pastor Craig Groeschel’s series, Different. In this world, you’ll have struggles. You’ll face opposition. You’ll be challenged. And there’s a reason for that: this world is not your home. So answer hate with love, find joy in the midst of trials, and rely on a strength beyond yourself. You’re meant to be … different .
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ