1 පේතෘස් 1:21-22
1 පේතෘස් 1:21-22 SCV
උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේ තේජසට පත් කළ දෙවියන්වහන්සේ තුළ ඔබ ඇදහිලිවතුන් වන්නේ උන්වහන්සේ මගිනි. ඒ, ඔබේ ඇදහිල්ලත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ තුළ වන පිණිස ය. සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන පිණිස ඔබ සත්‍යයට කීකරු වීමෙන්, ඔබගේ ජීවය පවිත්‍ර කර ගෙන සිටින බැවින්, පවිත්‍ර හදවතකින් උද්යෝගී ව එකිනෙකාට ප්‍රේම කරන්න.

