1 පේතෘස් 1:17-19
1 පේතෘස් 1:17-19 SCV
අපක්ෂපාතී ව, එකිනෙකාගේ ක්රියා අනුව විනිශ්චය කරන්නා වූ තැනැන්වහන්සේට පියාණෙනියි ඔබ අමතන්නේ නම්, ඔබගේ විදේශී ව සිටින කාලය පුරා ගෞරව භයින් යුතු ව පැවත සිටින්න. ඔබ දන්නා පරිදි ඔබේ පියවරුන්ගෙන් උරුම වූ නිෂ්ඵල මාර්ගවලින් ඔබ මුදා ගන්නා ලද්දේ, රන් හෝ රිදී වැනි දිරා යන දේවලින් නො ව, කැළලක්වත්, පලුද්දක්වත් නැති බැටළු පැටවකු වැනි ක්රිස්තුස්වහන්සේගේ ම අනර්ඝ ලේ මගිනි.

