1 රාජාවලිය 5:3-5
1 රාජාවලිය 5:3-5 SCV
“මගේ පියා වූ දාවිත්ට එරෙහිව හැම පැත්තෙන් ම යුද්ධය ඇවිළුණු නිසා ඔහුගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් තනන්නට ඔහුට නො හැකි වූ වග ඔබ දනී. ස්වාමින්වහන්සේ විසින් ඔහුගේ සතුරන් ඔහුගේ පාදවලට යටත් කර දෙන තෙක්, තත්වය එසේ විණි. එහෙත් දැන් මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ හැම අතින් ම මට විවේකය දී තිබෙන බැවින්, දැන් කිසි එදිරිවාදියකු නැත; විපත්තියකුදු නැත. එබැවින් මගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයට ගෘහයක් තනන්නට මම අදහස් කර සිටින්නේ, ස්වාමින්වහන්සේ මා පිය දාවිත්ට කතා කර, ‘ඔබේ සිංහාසනයේ ඔබේ තැන මා හිඳුවන ඔබේ පුත්‍රයා, මගේ නාමයට ගෘහයක් ඉදිකරනු ඇතැ’ යි කී කීම අනුව ය.

