සාලමොන්, ඊජිප්තුවේ පාරාවෝ රජු සමඟ නෑදෑකම් ඇතිකර ගනිමින්, ඔහුගේ දියණිය ආවාහ කර ගත්තේ ය. තම මන්දිරයත්, ස්වාමින්වහන්සේගේ ගෘහයත්, යෙරුසලම වටා පවුරත් ඉදිකර නිම වන තුරු ඔහු ඇය දාවිත් පුරය වෙත කැඳවාගෙන ආවේ ය. කෙසේ වුව ද ඒ වන තුරුත් ස්වාමින්වහන්සේගේ නාමය උදෙසා ගෘහයක් ඉදිකර නො තිබූ බැවින් ජනයා යාග පූජා ඔප්පු කළේ උස් තැන් පුදසුන් මත ය. උස් තැන් පුදසුන් පිට යාග පූජා ඔප්පු කිරීම හා සුවඳ දුම් දැවීම හැරුණු කොට, තම පියා වූ දාවිත්ගේ නියමයන් අනුව හැසිරීමෙන් සාලමොන් ස්වාමින්වහන්සේට ප්‍රේම කළේ ය. රජු යාග පූජා ඔප්පු කරන්නට ගිබෙයොන්ට ගියේ ය. ප්‍රධානතම උස් තැන් පුදසුන වූයේ එයයි. සාලමොන් එම පූජාසනය මත දවන යාග පූජා දහසක් ඔප්පු කළේ ය. ගිබෙයොන්හි දී ස්වාමින්වහන්සේ සාලමොන්ට රෑ සිහිනයකින් පෙනුණු සේක; දෙවියන්වහන්සේ, “මා ඔබට දිය යුතු දේ ඉල්ලන්නැ” යි පැවසූ සේක. එවිට සාලමොන් පිළිතුරු දෙමින්, “ඔබවහන්සේ ඔබගේ සේවක, මගේ පියාණන් වූ දාවිත්ට ඉමහත් දයා කරුණාව දැක් වූ සේක. ඔහු ඔබවහන්සේට විශ්වසනීය ව, ධර්මිෂ්ඨකමින් ද හදේ අවංකකමින් ද සිටියේ ය. ඔබවහන්සේ ඒ ඉමහත් දයා කරුණාව දිගට ම දක්වමින්, මේ අද දවසේ තිබෙන ලෙස ඔහුගේ සිහසුනේ හිඳ ගැනීමට ඔහුට පුතකු දුන් සේක. “අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, දැන් ඔබ, ඔබගේ සේවකයා රජ කොට, මා පිය දාවිත් වෙනුවට පත් කර තිබේ. එහෙත් මා තවමත් ලාබාලයි. මට පැවරුණු කාර්යය කෙලෙස කරන්නේදැයි හරි හැටි මා දන්නේ නැත. දැන් ඔබේ සේවකයා ගණන් කරන්නටවත්, ගණන කියන්නටවත් නො හැකි තරම් අසංඛ්‍ය වූ මහා ජනකායක් වන තෝරාගත් ඔබේ ජනයා අතර සිටී. එබැවින් ඔබේ ජනයා ආණ්ඩු කරන්නටත්, හොඳ-නරක ගැන විචාර බුද්ධියත් ඔබේ සේවකයාට වටහාගැන්මේ හදවතක් දුන මැනව; මන්ද ඔබේ මේ ශ්‍රේෂ්ඨ ජනතාව ආණ්ඩු කරන්නට හැකි සමතා කවුරු දැ?” යි පැවසී ය. සාලමොන් එසේ ඉල්ලූ බැවින් ස්වාමින්වහන්සේ ඊට ප්‍රසන්න වූ සේක. එබැවින් දෙවියන්වහන්සේ ඔහු අමතා, “ඔබ මේ දෑ ඉල්ලූ බැවින් ඔබට දීර්ඝායුෂවත්, ධන සම්පත්වත්, ඔබේ සතුරන්ගේ මරණයවත් නො ඉල්ලා යුක්තිය ඉටු කරන පිණිස ඥානය ඉල්ලූ බැවින්, ඔබ ඉල්ලූ දේ මම ඉටු කරන්නෙමි. එබැවින් ඔබ හා සමාන කෙනකු මින් පෙර සිටියේවත්, මින් පසු සිටින්නේවත් නැති තරමට මම ඔබට ප්‍රඥාවත්, විචාර බුද්ධියත් සහිත හදවතක් දෙන්නෙමි. ඒ හැර ඔබ නො ඉල්ලූ ධන සම්පත හා ගෞරවය මම ඔබට දෙන්නෙමි; ඔබගේ ජීවිත කාලය පුරා රජවරුන් අතරේ ඔබ හා සමාන කෙනෙක් සිටින්නේ නැත. ඔබේ පියා වූ දාවිත් පරිදි, ඔබ මගේ මාර්ගවල හැසිරෙමින්, මගේ නියෝගවලට හා ආඥාවලට කීකරු වන්නේ නම්, මම ඔබට දීර්ඝායුෂ දෙන්නෙමි” යි වදාළ සේක.
1 රාජාවලිය 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 3:1-14
3 Days
Managing people is challenging whether you’re running a business, serving your family, or leading a small group. We read leadership books and listen to podcasts in hopes of feeling more qualified for the job set before us, but are we searching for the right things? Join us as we explore three of the most important things we can seek to grow in as leaders.
4 Days
When God revealed Himself to Solomon, he awoke with a gift of wisdom greater than any man on earth. In one night, his life was turned upside down. What did Solomon do as king after this spiritual experience, and what principles of wisdom can we take away and apply to our lives today?
5 Days
Many of us see wisdom as something more experienced people have. But, we really can have it no matter how long we’ve lived. This 5-day Plan will give you insight into what godly wisdom actually is and how to gain it.
Where do you go for wisdom to live by? Walk through 1 Kings 3 as Solomon seeks God’s wisdom above his own. Join in Solomon’s public worship, personal prayer, and God’s answer. Whatever our gifts and abilities, no greater wisdom exists than God’s Word that all points to the person of Jesus. Will you open His Word for wisdom today?
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ