1 රාජාවලිය 22:37-39

1 රාජාවලිය 22:37-39 SCV

එසේ රජු මිය ගියේ ය. ඔහු සමාරියට ගෙන එන ලදී. එහිදී ඔවුහු ඔහු භූමදාන කළහ. වෙසඟනන් දිය නාන සමාරියේ වූ පොකුණෙන් ඔවුහු රථය සේදූහ. එහිදී බල්ලන් ඔහුගේ ලේ ලෙව කෑවේ ස්වාමින්වහන්සේගේ වචනය ප්‍රකාශ කර තිබූ පරිද්දෙනි. ආහාබ් සම්බන්ධ සෙසු කාරණා ද ඔහු කළ සියල්ල ද ඇත්දත් ඔබ්බවා ඔහු විසින් ඉදිකරන ලද මන්දිරය හා ඔහු ගොඩ නැගූ පුරවර ද ගැන ඉශ්‍රායෙල් රජුන්ගේ ඉතිහාස පොතේ ලියැවී තිබෙනවා නො වේ ද?