1 රාජාවලිය 19:3-5

1 රාජාවලිය 19:3-5 SCV

එලියා භය වී, තම පණ බේරා ගන්නට පලා ගියේ ය. ඔහු යූදාහි බෙයර්ෂෙබා වෙත පැමිණ, තම සේවකයා එහි නවතා, දවසක ගමන්-දුරක් ගොස්, පාළුකරයට පිවිසුණේ ය. ඔහු රොතෙම් ගහක් යටට අවුත්, හිඳගෙන, තමාට මරණය ඉල්ලා යාච්ඤා කළේ ය. “ස්වාමින්වහන්ස, මේ හොඳට ම ඇති; මගේ ජීවිතය ගත මැනව; මන්ද මා මගේ මුතුන් මිත්තන්ට වඩා උතුම් නැතැ” යි පැවසී ය. ඉන්පසු ඔහු රොතෙම් ගහ යට වැතිර නිදා ගත්තේ ය. එවිට මෙන්න, දේව දූතයෙක් ඔහුට අත ගසා, කතා කොට, “නැගිට, කෑම කන්නැ” යි කීවේ ය.