1 රාජාවලිය 19:1-5

1 රාජාවලිය 19:1-5 SCV

එලියා කළ සියල්ලත්, ඔහු දිවැසිවර සියල්ලන් කඩු ගා, මැරූ හැටිත් ආහාබ් යෙසෙබෙල්ට දැන්වී ය. එවිට යෙසෙබෙල් පණිවුඩකරුවකු යවමින්, “හෙට මේ වෙලාවට ඔබේ ජීවිතය ඔවුන්ගෙන් කෙනකු මෙන් වීමට මා සැලැස්වූයේ නැත්නම්, දෙවිවරු මට එසේ ම ද ඊටත් වැඩි ලෙස ද කරත්වා” යි එලියාට කියා ඇරියා ය. එලියා භය වී, තම පණ බේරා ගන්නට පලා ගියේ ය. ඔහු යූදාහි බෙයර්ෂෙබා වෙත පැමිණ, තම සේවකයා එහි නවතා, දවසක ගමන්-දුරක් ගොස්, පාළුකරයට පිවිසුණේ ය. ඔහු රොතෙම් ගහක් යටට අවුත්, හිඳගෙන, තමාට මරණය ඉල්ලා යාච්ඤා කළේ ය. “ස්වාමින්වහන්ස, මේ හොඳට ම ඇති; මගේ ජීවිතය ගත මැනව; මන්ද මා මගේ මුතුන් මිත්තන්ට වඩා උතුම් නැතැ” යි පැවසී ය. ඉන්පසු ඔහු රොතෙම් ගහ යට වැතිර නිදා ගත්තේ ය. එවිට මෙන්න, දේව දූතයෙක් ඔහුට අත ගසා, කතා කොට, “නැගිට, කෑම කන්නැ” යි කීවේ ය.