1 රාජාවලිය 18:20-21

1 රාජාවලිය 18:20-21 SCV

එවිට ආහාබ් ඉශ්‍රායෙල් පුරා පණිවුඩ යවා, ඒ දිවැසිවරුන් කර්මෙල් කන්දට එක් රැස් කරවී ය. එලියා ජනයා ඉදිරියට ගොස්, “නුඹලා තව කොපමණ කල් සිතුවිලි දෙකක් අතරේ වැනෙනවා ද? ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ නම්, උන්වහන්සේ අනුගමන කරන්න; බාල් දෙවියන්වහන්සේ නම්, ඔහු අනුගමන කරන්නැ” යි පැවසී ය. එහෙත් ජනයා ඔහුට කිසි පිළිතුරක් දුන්නේ නැත.