1 රාජාවලිය 17:7-10

1 රාජාවලිය 17:7-10 SCV

ටික කලකින් ඔය සිඳී ගියේ ය. ඒ, දේශයට වැසි නො ලැබුණු බැවිනි. එවිට ස්වාමින්වහන්සේගේ වචනය ඔහු වෙත පැමිණියේ ය: “දැන් නැගිට, සීදොන්හි සාරෙෆත් වෙත ගොස්, එහි නැවතී සිටින්න. ඔන්න, ඔබට ආහාර සපයන ලෙස එහි සිටින වැන්දඹු කාන්තාවකට මම අණ කළෙමි” යි ඉන් පැවසිණි. එබැවින් ඔහු නැගිට, සාරෙෆත් බලා ගියේ ය. ඔහු නගර දොරටුව වෙත ආ කල, මෙන්න, වැන්දඹු කතක් එහි දර එකතු කරමින් සිටියා ය. ඔහු ඇයට හඬ ගසා, “මට බොන්නට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ” යි ඉල්ලී ය.