එබැවින් ඔහු නැගිට, සාරෙෆත් බලා ගියේ ය. ඔහු නගර දොරටුව වෙත ආ කල, මෙන්න, වැන්දඹු කතක් එහි දර එකතු කරමින් සිටියා ය. ඔහු ඇයට හඬ ගසා, “මට බොන්නට භාජනයකට වතුර ටිකක් ගෙනෙන්නැ” යි ඉල්ලී ය. ඇය එය ගෙනෙන්නට යද්දී, යළි ඇය ඇමතූ ඔහු, “කරුණාකර මට රොටි කැබැල්ලකුත් ගෙන එන්නැ” යි පැවසී ය. ඇය පිළිතුරු දෙමින්, “ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, මා ළඟ ඇති රොටියක් නෑ, මුට්ටියක පිටි මිටකුත්, බඳුනක තෙල් ඩිංගකුත් මිස; මා මේ දර කැබැල්ලක් දෙකක් එකතු කළේ ගෙදර ගෙන ගොස්, මටත්, මගේ පුතුටත් කන්නට යමක් හදාගෙන, අප ඒවා කා ඊට පස්සෙ මැරෙන්නයි” කීවා ය.
1 රාජාවලිය 17 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 රාජාවලිය 17:10-12
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ