1 යොහන් 5
5
ලොව ජය ගන්නෝ
1යේසුස්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේ යයි විශ්වාස කරන කවුරුන් වුව, දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටියි. පියාණන්වහන්සේට ප්‍රේම කරන හැම කෙනෙක් ම, උන්වහන්සේගෙන් උපත ලැබූවන්ට ප්‍රේම කරති. 2දෙවියන්වහන්සේගේ දරුවනට අප ප්‍රේම කරන වග අප දැනගන්නේ මෙයිනි: දෙවියන්වහන්සේට ප්‍රේම කරමින්, උන්වහන්සේගේ ආඥාවලට කීකරු වීමෙනි. 3දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම මෙයයි: එනම් උන්වහන්සේගේ ආඥා රක්ෂා කිරීමයි. උන්වහන්සේගේ ආඥා බර නැත. 4මන්ද දෙවියන්වහන්සේගෙන් උපත ලැබූ හැම කෙනකු ම ලෝකයෙන් ජය ගනී. ලෝකයෙන් ජය ගන්න ජයග්‍රහණය, අපගේ ඇදහිල්ලයි. 5යේසුස්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් බව විශ්වාස කරන්නා මිස ලෝකය ජය ගන්නේ කවුරු ද?
6වතුරින් හා ලෙයින් පැමිණි තැනැත්තාණෝ මොහු ය; යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. වතුරින් පමණක් නො වේ; වතුර හා ලෙයින් ය. සාක්ෂි දරන්නේ ආත්මයාණන්වහන්සේ ය. මන්ද ආත්මයාණන්වහන්සේ සත්‍යතාවය ය. 7මන්ද සාක්ෂි දරන සාක්ෂි තුනකි: 8ආත්මයාණන් ය, වතුර ය, ලෙය ය; මෙම සාක්ෂි තුන ම එකඟ ය. 9මිනිසුන්ගේ සාක්ෂි අප පිළිගන්නවා නම්, දෙවියන්වහන්සේගේ සාක්ෂිය වඩා උතුම් ය. මන්ද ස්වකීය පුත්‍රයාණන් ගැන දෙවියන්වහන්සේ දැරූ උන්වහන්සේගේ සාක්ෂිය මෙය ය. 10දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් විශ්වාස කරන කවරකු තුළ වුව, මෙම සාක්ෂිය තිබේ. දෙවියන්වහන්සේ විශ්වාස නො කරන කවරෙක් වුව, උන්වහන්සේ බොරුකරුවෙකැයි ගණන් ගනී; මන්ද ස්වකීය පුත්‍රයාණන් ගැන දෙවියන්වහන්සේ දී ඇති සාක්ෂිය ඔහු විශ්වාස නො කළ බැවිනි. 11ඒ සාක්ෂිය මෙයයි: දෙවියන්වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවයි; ඒ ජීවනය උන්වහන්සේගේ පුත්‍රයාණන් තුළ තිබෙන බවයි. 12පුත්‍රයාණන් ඇත්තාට ජීවනය ඇත. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් නැත්තාට ජීවනය නැත.
අවසන් සහතික කිරීම්
13දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ නාමය විශ්වාස කරන ඔබට මා මේ දෑ ලියන්නේ, ඔබට සදාතන ජීවනය තිබෙන බව ඔබ දැනගන්නා පිණිස ය. 14උන්වහන්සේ ඉදිරියේ අපට ඇති සහතිකය මෙයයි: උන්වහන්සේගේ කැමැත්තට අනුව අප යමක් ඉල්ලන කල, උන්වහන්සේ ඊට සවන් දෙන බවයි. 15අප ඉල්ලන කවර දෙයකට වුව උන්වහන්සේ අපට සවන් දෙන වග අප දන්නවා නම්, උන්වහන්සේගෙන් අප ඉල්ලූ ඉල්ලීම අපට ලැබෙන බව අපි දනිමු.
16තම සහෝදරයා මරණීය නො වන පාපයක් කරන බව යමෙක් දුටුවහොත්, ඔහු යාච්ඤා කළ යුතු ය. එවිට දෙවියන්වහන්සේ ඔහු ජීවනයට පමුණු වන සේක. ඒ, මරණයට නො පමුණු වන පවක් කරන්නකුට ය. මරණයට පමුණුවන්නා වූ පාපයක් ද ඇත. ඒ සඳහා යමකු යාච්ඤා කළ යුතු යයි මා කියන්නේ නැත. 17හැම වැරදි කිරීමක් ම පාපයකි. එහෙත් මරණයට නො පමුණු වන පාප වේ.
18දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටින හැම කෙනකු ම දිගින් දිගට පව් නො කරන වග අපි දනිමු. දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තාණෝ ඔහු සුරකින සේක; ඔහුට අත ගැසීමට නපුරාට නුපුළුවන. 19අප දෙවියන්වහන්සේගෙන් බවත්, මුළු ලෝකය ම නපුරාගේ අණසක යටතේ බවත් අපි දනිමු. 20තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය.
21ප්‍රිය දරුවනි, පිළිම-රූපවලින් දුරුව සිටින්න.
දැනට තෝරාගෙන ඇත:
1 යොහන් 5: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: