1 යොහන් 5:18-21

1 යොහන් 5:18-21 SCV

දෙවියන්වහන්සේගෙන් උපත ලබා සිටින හැම කෙනකු ම දිගින් දිගට පව් නො කරන වග අපි දනිමු. දෙවියන්වහන්සේගෙන් උපන් තැනැත්තාණෝ ඔහු සුරකින සේක; ඔහුට අත ගැසීමට නපුරාට නුපුළුවන. අප දෙවියන්වහන්සේගෙන් බවත්, මුළු ලෝකය ම නපුරාගේ අණසක යටතේ බවත් අපි දනිමු. තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය. ප්‍රිය දරුවනි, පිළිම-රූපවලින් දුරුව සිටින්න.