1 යොහන් 3:3-11
1 යොහන් 3:3-11 SCV
මෙලෙස බලාපොරොත්තු තබන හැම කෙනෙක් ම තමන් පවිත්‍ර කර ගන්නේ, උන්වහන්සේ පවිත්‍ර ව සිටින පරිද්දෙනි. පව් කරන සැවොම නොපනත්කම් කරති; පාපය යනු නොපනත්කම ය. උන්වහන්සේ ප්‍රකාශ වුණේ පාපය දුරු කිරීමට බව ඔබ දන්නහු ය; උන්වහන්සේ තුළ කිසි පාපයක් නැත. උන්වහන්සේ තුළ පැවත සිටින කිසිවකු පව් කරන්නේ නැත. දිගට ම පව් කරන කවරකු වුව උන්වහන්සේ දැකලාවත්, හැඳිනගෙනවත් නැත. ප්‍රිය දරුවනි, කිසිවකු ඔබ නො රවටත්වා; උන්වහන්සේ ධර්මිෂ්ඨ සේ ම, ධර්මිෂ්ඨකම් කරන්නා ධර්මිෂ්ඨ ය. පාප ක්‍රියා කරන්නා අයිති යක්ෂයාට ය. මන්ද යක්ෂයා පටන් ගැන්මේ සිට ම පව්කරන්නෙකි. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් ප්‍රකාශ වීමේ හේතුව, යක්ෂයාගේ ක්‍රියා විනාශ කිරීම ය. දෙවියන්වහන්සේගෙන් ඉපිද සිටින කිසිවකු දිගට ම පව් කරන්නේ නැත. මන්ද දෙවියන්වහන්සේගේ බීජය ඔහු තුළ පවතී; දෙවියන්වහන්සේගෙන් ම ඉපිද සිටින බැවින් පව් කිරීමට ඔහුට නුපුළුවන. දෙවියන්වහන්සේගේ දරුවන් කවුරු ද, යක්ෂයාගේ දරුවන් කවුරු ද යන්න පැහැදිලි ව පෙනෙන්නේ මෙයිනි. ධර්මිෂ්ඨකම් නො කරන්නා දෙවියන්වහන්සේගෙන් නො වේ; තම සහෝදරයාට ප්‍රේම නො කරන්නා ද එසේ ම ය. මුල පටන් ඔබ ඇසූ පණිවුඩය, අප එකිනෙකාට ප්‍රේම කළ යුතු ය යන්නයි.

