එලෙස ම, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්, ශුභාරංචිය මගින් ම සිය ජීවිකාව සලසා ගත යුතු බව ස්වාමින්වහන්සේ ම ආඥා කර ඇත. එහෙත් ඒ කිසිදු අයිතියක් මා ප්‍රයෝජනයට ගත්තේ නැත. ඒ කළමනා කිසිවක් ඔබෙන් ලබා ගැනීමේ අදහසින් මෙසේ ලියනවා ද නො වේ. මට ඇති ඒ පාරට්ටුව යමකු මට අහිමි කරනවාට වඩා මා මැරෙනවා හොඳ ය. මන්ද මා දේශනා කරන්නේ ශුභාරංචිය නම්, පාරට්ටු කර ගැනීමට පදනමක් මට නැත, මන්ද ඊට මා බැඳී සිටින බැවිනි. මා ශුභාරංචිය දේශනා නො කර සිටියහොත් මට ඛේදයකි. මා එය කරන්නේ මගේ ම ස්ව-කැමැත්තෙන් නම්, මට ඊට ත්‍යාගයක් ඇත. කැමැත්තෙන් නො වේ නම්, මා සිටින්නේ මට පැවරූ භාරකාරත්වයක් යටතේ ය. එසේ නම් මගේ ත්‍යාගය කුමක් ද? ඒ මා දේශනා කරන ශුභාරංචිය තුළ මට හිමි අයිතිය මුළුමනින් ම ප්‍රයෝජනයට නො ගෙන, අය කිරීමක් නැතිව ශුභාරංචිය පිළිගැන්වීමයි. මම සියල්ලෙන් ම නිවහල් මිනිහෙක් වුවත්, වැඩි දෙනකු දිනා ගන්නා පිණිස, සියල්ලන්ගේ ම වහලකු බවට පත් වුණෙමි. යුදෙව්වරුන් දිනා ගන්නා පිණිස, යුදෙව්වරුන් අතර මම යුදෙව්වරයකු මෙන් වීමි. මා ව්‍යවස්ථාව යටතේ සිටින්නකු නො වූව ද, ව්‍යවස්ථාව යටතේ සිටින්නන් දිනා ගන්නා පිණිස, ව්‍යවස්ථාව යටතේ සිටින්නන් අතර මම ව්‍යවස්ථාව යටතේ සිටින කෙනකු මෙන් වීමි. ව්‍යවස්ථාව යටතේ නො වන අන්‍ය-ජාතිකයින් දිනා ගන්නා පිණිස, ඔවුන් අතර මම ව්‍යවස්ථාව යටතේ නො සිටින කෙනකු සේ හැසිරුණෙමි. සැබවින් ම මම දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවෙන් නො මිදුණ කෙනකු වුවත්, ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාවට බැඳුණ කෙනෙක්මි. දුබලයින් දිනා ගන්න පිණිස, දුබලයින්ට මම දුබලයකු වීමි. යම් යම් අය කවර අයුරකින් හෝ ගැලවීමට පැමිණෙන පිණිස, මම සියලු දෙනාට සියල්ල වුණෙමි. ශුභාරංචිය උදෙසා මා මේ සියල්ල කරන්නේ ශුභාරංචියේ ආශිර්වාදවලට පංගුකාර වන පිණිස ය.
1 කොරින්ති 9 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 කොරින්ති 9:14-23
4 Days
The apostle Paul is legendary for his work as a minister of the gospel. But we often forget that throughout his ministry, Paul also worked as a culture-creating tentmaker. As Scriptures in this plan make clear, Paul had the option to work as a “donor-supported missionary” but chose not to. Why? That’s the question we’ll answer in this plan, and in so doing, glean insights relevant to our own work.
5 Days
The Scriptures give a number of reasons for people to work—all of them profound in their own way—because what we do for a living matters to God. Work has value in and of itself, it is intrinsically a good thing, and when work is done with excellence, it reflects God. The Bible tells us that our work accomplishes God’s work and purpose in the Kingdom through His grace.
This week we look at the sixth heart attitude: support the work financially. We will discover the way the Lord has established to support His work and our place in that plan. We will explore how to give our gifts to the Lord and how we can grow to become a cheerful giver to the Lord.
All Christians are called to love and serve the needs of others, but some believers are uniquely gifted to serve by leading, preaching, teaching, shepherding, evangelizing, or going cross-culturally as missionaries. Ministry begins with and is sustained by grace. This devotional plan will help you practice grace in your service to God.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ