1 කොරින්ති 8:4-6

1 කොරින්ති 8:4-6 SCV

එබැවින්, පිළිමවලට පිදූ ආහාර වැළඳීම පිළිබඳව: “පිළිමයකට සැබෑ පැවැත්මක් නැති” වගත්, “එක් කෙනෙක් මිස, වෙනත් දෙවියන්වහන්සේ කෙනකු නැති” වගත් අපි දනිමු. ස්වර්ගයේ හෝ පොළොවේ දෙවිවරුන් ය කියනු ලබන්නන් සිටියත්, සැබවින් ම කියතහොත් එවැනි “දෙවිවරුන්” හා “ස්වාමිවරුන්” අපමණවත් ඇත, අපට සිටින එක ම දෙවියන්වහන්සේ, පියාණන්වහන්සේ ය. හැම දේ ම උන්වහන්සේගෙන් ය. අපගේ පැවැත්ම උන්වහන්සේ උදෙසා ය. එසේ ම, අපට සිටින එක ම ස්වාමියාණෝ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ය. හැම දේ ම උන්වහන්සේ මගින් ය; අප පවතින්නේ ද උන්වහන්සේ මගින් ය.