1 කොරින්ති 7:32-35

1 කොරින්ති 7:32-35 SCV

ඔබ කනස්සලු වීමෙන් තොර ව සිටීම මගේ කැමැත්තයි. අවිවාහක මිනිසා, ස්වාමින්වහන්සේ ප්‍රසන්න කරන්නේ කෙසේදැයි ස්වාමින්වහන්සේගේ කටයුතු ගැන සැලකිලිමත් වෙයි. එහෙත්, විවාහක මිනිසා, තම භාර්යාව සතුටු කරන්නේ කෙසේදැයි ලෞකික දෑ ගැන කනස්සලු වෙයි. ඔහුගේ උනන්දුව දෙපිල බෙදෙයි. අවිවාහක ස්ත්‍රිය නැතහොත් කන්‍යාවිය ශාරීරික ව හා ආත්මික ව ශුද්ධ ව සිටින්නේ කෙසේදැයි ස්වාමින්වහන්සේගේ කටයුතු ගැන සැලකිලිමත් වන්නී ය. එහෙත් විවාහක ස්ත්‍රිය තම ස්වාමිපුරුෂයා සතුටු කරන්නේ කෙසේදැයි ලෞකික දෑ ගැන කනස්සලු වන්නී ය. මා මෙසේ කියන්නේ ඔබේ ම යහපත පිණිස මිස, ඔබට තහංචි පනවන්නට නො වේ; වඩාත් නිසි ලෙස කටයුතු කරමින්, ස්වාමින්වහන්සේට නො බෙදුණු කැපවීමකින් පවතින පිණිස ය.