1 කොරින්ති 7:2-5

1 කොරින්ති 7:2-5 SCV

එහෙත්, ලිංගික අනාචාරයේ පරීක්ෂාව හේතු කොට හැම මිනිසෙක් ම තමාට භාර්යාවක ඇති ව හා හැම ස්ත්‍රියක ම තමාට ස්වාමි පුරුෂයකු ඇති ව සිටිය යුතු ය. ස්වාමිපුරුෂයා සිය භාර්යාවට විවාහ යුතුකම් ඉටු කළ යුතු අතර, භාර්යාව සිය ස්වාමිපුරුෂයාට එලෙස ම කළ යුතු ය. භාර්යාවකට තම ශරීරය ගැන ආධිපත්‍යය නැත; ඇත්තේ ඇගේ ස්වාමිපුරුෂයාට ය. එලෙස ස්වාමිපුරුෂයාට ද තම ශරීරය කෙරේ ආධිපත්‍යය නැත; ඇත්තේ ඔහුගේ භාර්යාවට ය. දෙදෙනාගේ එකඟතාවයෙන් මද කලකට යාච්ඤාවට කැප වන පිණිස මිස, එකිනෙකාගෙන් වෙන් ව නො සිටින්න; ඉන්පසු යළි එක් විය යුත්තේ, ආත්ම සංයමයේ ඔබගේ දුබලතා හේතුවෙන්, සාතන් ඔබ පරීක්ෂාවට ඇද දමනු නො ලබන පිණිස ය.