1 කොරින්ති 7:12-14
1 කොරින්ති 7:12-14 SCV
සෙසු අයට මම මෙසේ කියමි, (ස්වාමින්වහන්සේ නො ව, මා ය). යම් සහෝදරයකුට ඇදහිලිවන්තියක නො වූ භාර්යාවක සිටී නම්, ඔහු හා විසීමට ඇය මනාප නම්, ඔහු ඇය දික්කසාද නො කළ යුතු ය. යම් ස්ත්‍රියකට ඇදහිලිවන්තයකු නො වූ ස්වාමි පුරුෂයකු සිටී නම්, ඇය හා විසීමට ඔහු මනාප නම්, ඇය ඔහුගෙන් දික්කසාද නො විය යුතු ය. මන්ද ඇදහිලිවතකු නො වූ ස්වාමිපුරුෂයා, ඔහුගේ භාර්යාව නිසා ශුද්ධවත් බවට පත් කෙරේ. ඇදහිලිවන්තියක නො වූ භාර්යාව ඇගේ ස්වාමිපුරුෂයා නිසා ශුද්ධවත් බවට පත් කෙරේ. එසේ නො වී නම් ඔවුන්ගේ දරුවන් අපවිත්‍ර වනු ඇත; එහෙත් ඔවුන් ශුද්ධ ය.

