1 කොරින්ති 4:2-5

1 කොරින්ති 4:2-5 SCV

තවද භාරකරුවන් විශ්වාසවන්ත වීම, අවශ්‍යයෙන් ම විය යුත්තකි. එහෙත් ඔබ හෝ මිනිසුන්ගේ යම් අධිකරණයක් මගින් හෝ මා විනිශ්චය කරනු ලැබීම, මට එතරම් දෙයක් නො වේ. ඇත්තෙන් ම මා විසින් ම මා විනිශ්චය කර ගන්නේ නැත. මට ම එරෙහි කිසිවක් ඇති වගක් මගේ හෘදය සාක්ෂියට නො දැනේ; එනිසා ම මා නිදොස් වන්නේ ද නැත. මා විනිශ්චය කරන්නේ ස්වාමින්වහන්සේ ය. එබැවින් කාලයට පෙරාතුව, ස්වාමින්වහන්සේගේ පැමිණීමට පෙරාතුව විනිශ්චය ප්‍රකාශ නො කරන්න. දැන් අන්ධකාරයේ සැඟවුණු දෑ, උන්වහන්සේ එළියට ගෙනැවිත්, හදවතේ අරමුණු එළිදරවු කරන සේක. එවිට තමාට හිමි පැසසුම දෙවියන්වහන්සේගෙන් හැම කෙනකු ම ලබනු ඇත.