ඔබ තවමත් මාංසික ය. ඔබ අතරේ ඊර්ෂ්‍යාවත්, අඩ දබරත් පවතිනවා නම්, තවමත් ඔබ ලෞකිකත්වයේ ම නො වේ ද? තවමත් ඔබ මනුෂ්‍යාකාරයෙන් හැසිරෙනවා නො වේ ද? මන්ද කෙනෙක්, “මම පාවුල් අනුගමන කරමි” යි කියා හා තවත් කෙනෙක්, “මම අපොල්ලොස් අනුගමන කරමි” යි කියද්දී ඔබ හුදු මිනිසුන් නො වන්නේ ද? එහෙම නම් අපොල්ලොස් කවුරු ද? පාවුල් කවුරු ද? එකිනෙකාට ස්වාමින්වහන්සේ පැවරූ කාරියට අනුව, ඇදහිල්ල වෙත ඔබ යොමු කළ සේවකයින් ය. මම සිටෙවුවෙමි; අපොල්ලොස් වතුර දැමී ය. එහෙත්, එය වැඩෙන්නට සැලසුවේ දෙවියන්වහන්සේ ය. වැදගත් වන්නේ සිට වූ හෝ වතුර දැමූ හෝ තැනැත්තා නො ව, වැඩීම සැලසූ දෙවියන්වහන්සේ ය. සිට වූ කෙනාත්, වතුර දමන කෙනාත් එක සමාන ය. ඒ එකිනෙකා තමන් කළ මෙහෙයට සරිලන විපාකය ලබයි. මන්ද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවෝ ය. දෙවියන්වහන්සේගේ කෙතත්, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලත් ඔබ ය.
1 කොරින්ති 3 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 කොරින්ති 3:3-9
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ