1 කොරින්ති 15:51-54

1 කොරින්ති 15:51-54 SCV

මේ අහන්න! මම ඔබට අබිරහසක් පවසමි; අප සියල්ලන් සැතපෙන්නේ නැත. එහෙත් අපි හැම වෙනස් කරනු ලබන්නෙමු. සැණෙක, ඇසි පිය ගසද්දී, අන්තිම හොරණෑ හඬ සමඟ ම එය වෙයි. මන්ද හොරණෑව හැඬවෙන කල, මළාහු අමරණ ස්වභාවයෙන් නැගිටුවනු ලබන්නෝ ය; අපිදු වෙනස් කරනු ලබන්නෙමු. මන්ද දිරා ජරාවට යන මෙම සිරුර, නො දිරන භාවයෙන් ද මැරෙන සුළු මෙම සිරුර, අමරණ භාවයෙන් ද පැලඳ විය යුතු ය. මෙසේ දිරා යන දේ නො දිරන බවින් ද මරණයට පත් වන දේ අමරණ බවින් ද පැලඳූ කල, ලියා ඇති කියමන ඉටු වෙයි; එනම්: “විජයග්‍රහණයේදී මරණය ගිල දමන ලදී.”