එහෙත් සත්‍ය මෙයයි; සැතපුණු සියල්ලන්ගේ නාඹුල් පලය ව ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවනු ලැබූ සේක්ම ය. මන්ද මිනිසකු මගින් මරණය පැමිණි සේ ම, මළවුන්ගෙන් නැගිටීම ද මිනිසකු මගින් පැමිණේ. මන්ද ආදම් තුළ හැමෝම මැරෙන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝ ජීවනයට ගෙනෙනු ලබති. ඒ එකිනෙකාගේ තත්වයට අනුව ය. නාඹුල් පලය ක්‍රිස්තුස්වහන්සේ ය. අනතුරුව උන්වහන්සේ යළි පැමිණෙන කල, උන්වහන්සේට අයිතිවූවන් ය. අවසානය පැමිණෙන්නේ, ක්‍රිස්තුස්වහන්සේ හැම පාලනයක්, හැම ආධිපත්‍යයක් හා බලය විනාශ කර, පියාණන්වහන්සේ වන දෙවියන්වහන්සේට රාජ්‍යය බාර දුන් විට ය. මන්ද උන්වහන්සේගේ සියලු සතුරන් උන්වහන්සේගේ පයට යටත් කරන තෙක්, උන්වහන්සේ රජකම් කළ යුතු ම ය. සුන් කර දමනු ලබන්නට සිටින අවසාන සතුරා මරණයයි. දෙවියන්වහන්සේ, “සියලු දේ ම එතුමාණන්ගේ පයට යටත් කළ සේකැ” යි ශුද්ධ ලියවිල්ල පවසයි. එහෙත්, උන්වහන්සේගේ පයට සියලු දේ ම යටත් කළ තැනැන්වහන්සේ, ඒ “සියලු දේ ම” යන්නට ඇතුළත් නො වන බැව් පැහැදිලි ය. මෙසේ, සියලු දේ ම උන්වහන්සේට යටත් කරනු ලැබූ පසු, ඒ සියලු දේ ම තමනට යටත් කළ දෙවියන්වහන්සේට පුත්‍රයාණන් ද යටත් වන සේක. එසේ වනුයේ, සෑම සියල්ලේ පූර්ණ පරමාධිපත්‍යය දෙවියන්වහන්සේ ම වන පිණිස ය. අනෙක් අතට මළවුන් නැගිටීමක් නැති නම්, මළවුන් උදෙසා බව්තීස්ම කරනු ලැබීමේ තේරුම කුමක් ද? මළවුන් නැගිටුවීමක් කොහෙත් ම නො වේ නම්, ඔවුන් උදෙසා මිනිසුන් බව්තීස්ම කරන්නේ මන්ද? හැම පැයකදී ම උපද්‍රවයන්ට අප මුහුණ පාන්නේ මන්ද? සහෝදරයිනි, හැම දිනෙක ම මා මැරෙනවායි මා ප්‍රකාශ කරන්නේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ තුළ ඔබ ගැන මට ඇති ආඩම්බරයෙනි. එපීසයේදී මා වන මෘගයින් සමඟ පොර බැදුවේ හුදු මිනිස් පෙලඹවීමෙන් නම්, මට එයින් ලැබෙන්නේ කුමක් ද? මළවුන් නැගිටුවනු නො ලැබේ නම්, “හෙට අප මියෙන බැවින්, අද අපි කමු; බොමු.” නො රැවටෙන්න: “නරක ඇසුරින් හොඳ චරිත දූෂ්‍ය වේ.” යුතු පරිදි සිහි කල්පනාවට යළි පැමිණ, පව් කිරීම නවතන්න. දෙවියන්වහන්සේ ගැන නො දන්නා අය ඔබ අතරේ වෙතැයි මා කියන්නේ ඔබට ලජ්ජා වන්නට ය.
1 කොරින්ති 15 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: 1 කොරින්ති 15:20-34
10 දින
සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ වූ හාස්කම ගැන සිහිපත් කිරීමට අපි සුදානම් වන මෙම කාලයේදී අපගේ මෙම දින 10 යේ කියවීමේ සැළසුමට අප සමග එකතු වන්න.
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ