1 කොරින්ති 15:12-17
1 කොරින්ති 15:12-17 SCV
ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරනු ලබන්නේ, මළවුන්ගෙන් නැගිටුවන ලද, වශයෙන් නම්, මළවුන් නැගිටීමක් නැතැයි ඔබ ඇතමකු කියන්නේ කෙසේ ද? මළවුන් නැගිටීමක් නැති නම්, ක්‍රිස්තුස්වහන්සේ ද නැගිටුවනු ලැබ නැත. ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබ නැති නම්, අපගේ දේශනා කිරීම නිෂ්ඵල ය; ඔබගේ ඇදහිල්ලත් නිෂ්ඵල ය. දෙවියන්වහන්සේ විසින් ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවන ලදැයි උන්වහන්සේ ගැන අප සාක්ෂි දී ඇති බැවින්, අප ද දෙවියන්වහන්සේ ගැන බොරු සාක්ෂි දුන් අය සේ ගැනේ. මන්ද මළවුන් නැගිටීමක් නැති වග සත්‍යය නම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේ නැගිටුවනු ලැබ නැත. මන්ද මළවුන් නැගිටීමක් නැති නම්, ක්‍රිස්තුස්වහන්සේ ද නැගිටුවනු ලැබ නැත. ක්‍රිස්තුස්වහන්සේ නැගිටුවනු ලැබුවේ නැති නම්, ඔබගේ ඇදහිල්ල ද නිරර්ථක ය; ඔබ තවමත් ඔබේ පාපවල ය.


