1 කොරින්ති 12:17-20

1 කොරින්ති 12:17-20 SCV

මුළු ශරීරය ඇසක් වී නම්, ඇසීම දැනෙන්නේ කොතැනකට ද? මුළු ශරීරය කනක් වී නම් ගඳ-සුවඳ විඳින්නේ කොතැනින් ද? එහෙත් ශරීරයේ කොටස්, ඒ හැම එකක් ම, ඒ ඒ හැටියට දෙවියන්වහන්සේ සකසා ඇත්තේ ස්වකීය අභිමතය පරිදි ය. ඒ සියල්ල එක ම ශරීරාංගයක් වී නම්, ශරීරය කොයින් ද? ඒ අනුව අවයව බොහොමයක් වෙතත්, එක ශරීරයකි.