1 කොරින්ති 12:11-13

1 කොරින්ති 12:11-13 SCV

ස්වකීය අභිමතය පරිදි එක් එක් කෙනාට වෙන් වෙන් වශයෙන් මේ සියල්ල බෙදා, වෙන් කර දී, බලය පවරා දෙන්නේ ඒ එක ම, ආත්මයාණන්වහන්සේ ය. බොහෝ අවයව තිබුණත්, ශරීරය තනි එකකි. ශරීරයේ අවයව සියල්ල බොහෝ වුවත්, එක ශරීරයක් වන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳවත් එසේ ම ය. මන්ද යුදෙව් හෝ ග්‍රීක් වේවා, වහල් හෝ නිවහල් වේවා අප සියල්ලෝ එක ම ආත්මයාණන්වහන්සේ තුළ එක ශරීරයක් තුළට බව්තීස්ම කරනු ලැබීමු; තවද සියල්ලෝ එක ම ආත්මයාණන්ගෙන් පොවනු ලැබීමු.