1 කොරින්ති 11:17-22

1 කොරින්ති 11:17-22 SCV

පහත දැක්වෙන උපදෙස් සම්බන්ධ ව මා ඔබ පසසන්නේ නැත. මන්ද ඔබ එකට රැස් වන කල, එහිදී යහපතකට වඩා අයහපතක් සිදුවන බැවිනි. පළමු කොට, සභාවක් වශයෙන් ඔබ එකට රැස් වන කල, ඔබ අතරේ බෙදීම් ඇති වග මට අසන්නට ලැබෙයි. තරමක් දුරට මම එය විශ්වාස කරමි. ඔබ අතරේ අව්‍යාජ අය කවුරුන්දැයි හඳුනාගන්නා පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය. ඔබ එක් රැස් වන කල, ඔබ වළඳන්නේ ස්වාමින්වහන්සේගේ රාත්‍රි භෝජනය නො වේ. මන්ද අහර ගැනීමේදී හැම කෙනෙක් ම, අන් අයට කලින් තමාගේ ආහාර කෑමට ඉක්මන් වෙයි. කෙනකු සාගින්නේ සිටියදී අන් කෙනෙක් බීමත් වෙයි. කිම ද? කන්නට බොන්නට ඔබට ගෙවල් නැද්ද? නැතහොත් දෙවියන්වහන්සේගේ සභාවට නිගරු කරමින්, ඔබ කිසිවක් නැත්තවුන්ට අවමන් කරනවා ද? මා ඔබට මොනවා කියන්න ද? මේ ගැන මා ඔබට ප්‍රශංසා කරන්න ද? නැත; මා එසේ කරන්නේ නැත.

1 කොරින්ති 11:17-22 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය