1 කොරින්ති 10:1-4
1 කොරින්ති 10:1-4 SCV
සහෝදරයිනි, අපගේ ආදි පියවරුන් හැම දෙනා වලාකුළ යටතේ වූ බවත්, ඒ හැම දෙනා මුහුද මැදින් ගිය බවත් ඔබ දැන ගන්නවාට කැමැත්තෙමි. ඒ සියල්ලෝ වලාකුළ තුළ ද මුහුද තුළ ද මෝසෙස් තුළට බව්තීස්ම කරන ලදහ. එක ම ආත්මික ආහාර කෑ ඒ සියල්ලෝ එක ම ආත්මික පානය බීවෝ ය. මන්ද ඔවුන් බීවේ තමන් හා එක් ව ගමන් කළ ආත්මික පර්වතයෙනි; ඒ පර්වතය ක්‍රිස්තුස්වහන්සේ ය.

