1 කොරින්ති 10:1-10

1 කොරින්ති 10:1-10 SCV

සහෝදරයිනි, අපගේ ආදි පියවරුන් හැම දෙනා වලාකුළ යටතේ වූ බවත්, ඒ හැම දෙනා මුහුද මැදින් ගිය බවත් ඔබ දැන ගන්නවාට කැමැත්තෙමි. ඒ සියල්ලෝ වලාකුළ තුළ ද මුහුද තුළ ද මෝසෙස් තුළට බව්තීස්ම කරන ලදහ. එක ම ආත්මික ආහාර කෑ ඒ සියල්ලෝ එක ම ආත්මික පානය බීවෝ ය. මන්ද ඔවුන් බීවේ තමන් හා එක් ව ගමන් කළ ආත්මික පර්වතයෙනි; ඒ පර්වතය ක්‍රිස්තුස්වහන්සේ ය. එසේ වුව ද, ඔවුන් වැඩි දෙනකු දෙවියන්වහන්සේට ප්‍රසන්න වූයේ නැත. ඔවුහු පාළුකරයේ හෙළා දමනු ලැබූහ. ඒ දෑ සිදු වූයේ, ඔවුන් කළ ලෙස නපුරට අප ආශා නො වන පිණිස, අපට ආදර්ශ වශයෙනි. “ජනයා කන්නටත්, බොන්නටත් වාඩිගෙන, සැප සෙල්ලමට නැගී ගියහ” යි ලියා තිබෙන ලෙස: ඔවුන්ගෙන් ඇතමුන් සේ රූප වඳින්නන් නො වන්න. ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අප ලිංගික අනාචාරයේ නො ගැලිය යුතු ය. එයින් එක ම දවසේ ඔවුන්ගෙන් විසිතුන් දහස් දෙනෙක් වැටී ගියහ. ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, අපි ක්‍රිස්තුස්වහන්සේ පරීක්ෂා නො කළ යුතු වෙමු. එසේ කිරීමෙන්, ඔවුහු සර්පයින්ගෙන් විනාශ වූහ. ඔවුන්ගෙන් ඇතමකු කළ ලෙස, මැසිවිලි නො නගන්න. එසේ කිරීමෙන්, ඔවුහු විනාශකයාගෙන් විනාශ වූහ.

1 කොරින්ති 10:1-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය