1 කොරින්ති 1:1-9

1 කොරින්ති 1:1-9 SCV

දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ අපෝස්තුලුවරයකු වීමට කැඳවීම ලද පාවුල් ද අපගේ සහෝදර සොස්තෙනස් ද වෙතින්, කොරින්තියෙහි දෙවියන්වහන්සේගේ සභාව වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පවිත්‍ර කරන ලදුව, ශුද්ධවන්තයින් වීමට කැඳවීම ලද්දවුන් වූ ඔවුන් හා අප දෙගොල්ලන්ගේ ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගේ නාමය කියා යාච්ඤා කරන, සියලු තැන්හි වෙසෙන සියල්ලන් වෙතයි. අපගේ පියාණන්වහන්සේ වූ දෙවියන්වහන්සේගෙන් ද යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේගෙන් ද ඔබට අනුග්‍රහ ලැබේවා; සාමය වේවා! ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබට දෙන ලද අනුග්‍රහය ගැන මගේ දෙවියන්වහන්සේට මම නිරතුරු ස්තුති දෙන්නෙමි. සියලු කතාවෙහි ද සියලු දැනගැන්මෙහි ද හැම අතින් ම ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබ සමෘද්ධිමත් කරනු ලැබ ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ ගැන වූ සාක්ෂිය ඔබ තුළ තහවුරු වී ඇති අයුරිනි. එසේ කර ඇත්තේ, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ එළිදරවු වීම ඔබ මග බලා සිටින අතරේ කිසි දීමනාවකින් ඔබට හිඟයක් නො වන පිණිස ය. යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දවසේ ඔබ දෝෂයෙන් තොර ව සිටින පිණිස, උන්වහන්සේ අවසානය දක්වා ම ඔබ දරා සිටිනු ඇත. ස්වකීය පුත්‍රයාණන් වූ යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ සමඟ සහභාගිත්වය තුළට ඔබ කැඳවූ දෙවියන්වහන්සේ විශ්වසනීය ය.

1 කොරින්ති 1:1-9 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය