1 ලේකම් 8:1-40

1 ලේකම් 8:1-40 SCV

බෙන්යමින් තම කුලුඳුල් පුත් බෙලාගේ ද දෙවැන්නා වූ අෂ්බෙල්ගේ ද තෙවැන්නා වූ අහරාගේ ද සිවුවැන්නා වූ නෝහාගේ ද පස්වැන්නා වූ රාෆාගේ ද පියා ය. බෙලාගේ පුත්‍රයෝ: අද්දාර්, ගේරා, අබිහූද්, අබිෂූවා, නාමාන්, අහෝවා, ගේරා, ෂෙෆූෆාන් හා හූරාම් ය. ඒහුද්ගෙන් පැවත එන්නෝ මොවුහු ය: ගෙබාහි වැසියන්ගේ පියවංශවල ප්‍රධානීන් වූ ඔවුහු මානහත් වෙත පිටුවහල් කරන ලදහ. නාමාන්, අහියා හා ගේරා ය. ඔහු ඔවුන් පිටුවහල් කළේ ය. ඔහු උස්සාගේ හා අහිහුද්ගේ පියා ය. ෂහරයිම් තම භාර්යාවන් වූ බාරා ද හූෂීම් ද අත්හැරීමෙන් අනතුරුව මෝවබ්හි දී ඔහුට පුත්තු උපන්හ. ඔහුගේ බිරිඳ වූ හොදෙෂ්ගෙන් ඔහුට යෝබාබ්, සිබියා, මේෂා, මල්කාම්, යෙවූස්, සාකියා හා මිර්මා උපන්හ. ඔහුගේ පුතුන් වූ ඔවුහු පියවංශවල ප්‍රධානීන් වූහ. හූෂීම් මගින් ඔහු අබිටූබ්ගේ හා එල්පාල්ගේ පියා විය. එල්පාල්ගේ පුත්‍රයෝ: ඒබෙර්, මිෂාම්, ෂෙමෙද් (ඕනෝ ද ලොද් ද එහි අවට ගම් ද ඉදි කළේ ඔහු ය), බෙරියා හා ෂෙමා ය. අයියාලොන් වාසී පියවංශවල ප්‍රධානීන් වූ ඔවුහු ගාත් වාසීන් පන්නා දැමූහ. අහියෝ, ෂාෂාක්, යෙරේමොත්, සෙබදියා, අරාද්, එදෙර්, මිකායෙල්, ඉෂ්පා හා යෝහා බෙරියාගේ පුත්‍රයෝ ය. සෙබදියා, මෙෂුල්ලාම්, හිස්කී, හෙබෙර්, ඉෂ්මෙරයි, ඉස්ලියා හා යෝබාබ් එල්පාල්ගේ පුත්‍රයෝ ය. යාකීම්, සික්රී, සබ්දී, එලියේනයි, සිල්ලෙතයි, එලියෙල්, අදායා, බෙරායා හා ෂිම්රාත් ෂිමෙයිගේ පුත්‍රයෝ ය. ඉෂ්පාන්, ඒබෙර්, එලියෙල්, අබ්දෝන්, සික්රී, හානාන්, හනනියා, ඒලාම්, අන්තොතීයා, ඉෆ්දෙයා හා පෙනූවෙල් ෂාෂාක්ගේ පුත්‍රයෝ ය. ෂම්ෂෙරයි, ෂෙහරියා, අතලියා, යාරෙෂියා, එලියා හා සික්රී යෙරොහාම්ගේ පුත්‍රයෝ ය. ඒ සියල්ලෝ ඔවුන්ගේ පරම්පරාවලට අනුව ප්‍රධානීන් ද පියවංශ මූලිකයින් ද වූහ. ඔවුහු යෙරුසලමෙහි වාසය කළහ. ගිබෙයොන්ගේ පියා වූ යෙයීයෙල්, ගිබෙයොන්හි වාසය කළේ ය. ඔහුගේ බිරිඳගේ නම මයකා ය. ඔහුගේ කුලුඳුල් පුත්‍රයා අබ්දෝන් ය. ඊළඟට සූර්, කීෂ්, බාල්, නේර්, නාදාබ්, ගෙදෝර්, අහියෝ, සෙකෙර් හා මික්ලොත් ය. ඔහු ෂිමෙයාගේ පියා ය. ඔවුහු ද තම නෑසියන් සමඟ තම නෑසියන් අසල යෙරුසලමෙහි වාසය කළහ. නේර්, කීෂ්ගේ පියා ය. කීෂ්, සාවුල්ගේ පියා ය. සාවුල්, යොනාතාන්ගේ ද මල්කී-ෂුවාගේ ද අබිනාදාබ්ගේ ද එෂ්බාල්ගේ ද පියා ය. යොනාතාන්ගේ පුත්‍රයා: මෙරිබ්-බාල් ය. ඔහු මීකාගේ පියා ය. මීකාගේ පුත්‍රයෝ: පීතොන්, මෙලෙක්, තාරේයා හා ආහාස් ය. ආහාස්, යෙහෝවද්දාගේ පියා ය. යෙහෝවද්දා, ආලෙමෙත්ගේ ද අස්මාවෙත්ගේ ද සිම්රීගේ ද පියා ය. සිම්රී, මෝසාගේ පියා ය. මෝසා, බිනෙයාගේ පියා ය. ඔහුගේ පුත්‍රයා රාෆා ය. ඔහුගේ පුත්‍රයා එලෙයාසා ය. ඔහුගේ පුත්‍රයා ආසේල් ය. ආසේල්ට පුතුන් හයදෙනෙක් සිටියහ. ඔවුන්ගේ නාම මෙසේ ය: අස්රීකාම්, බොකෙරූ, ඉෂ්මායෙල්, ෂෙයරියා, ඔබදියා හා හානාන් ය. ඒ සියල්ලෝ ම ආසේල්ගේ පුත්‍රයෝ ය. ඔහුගේ සහෝදර එෂෙක්ගේ පුත්‍රයෝ: ඌලාම්, ඔහුගේ කුලුඳුලා ය. යෙවූෂ් දෙවැන්නා ය. එලිෆෙලෙත් තුන්වැන්නා ය. ඌලාම්ගේ පුත්‍රයෝ දුන්න හසුරුවන්නට හැකි අභීත රණශූරයෝ ය. ඔවුනට බොහෝ පුත්‍රයෝ ද මුණුබුරෝ ද සිටියහ. එකසියපනස් දෙනෙක් වූ ඔවුන් සියල්ලෝ බෙන්යමින්ගෙන් පැවතෙන්නෝ ය.