1 ලේකම් 7:13-40

1 ලේකම් 7:13-40 SCV

නෆ්තලීගේ පුත්‍රයෝ: බිල්හාගේ දරු පරපුර වූ යාසීයෙල්, ගුනී, යේසෙර් හා ෂල්ලූම් ය. මනස්සේගෙන් පැවත එන්නෝ: අස්රියෙල් බිහි කළේ ඔහුගේ අරාමීය අතිරේක බිරිඳ ය; ඈ මාකීර් ද බිහි කළා ය. ඔහු ගිලියාද්ගේ පියා ය. මාකීර්, හුප්පීම්වරුන් හා ෂුප්පීම්වරුන් අතරින් බිරිඳක ආවාහ කර ගත්තේ ය. ඔහුගේ සහෝදරියගේ නම මයකා ය. ඔහුගෙන් පැවත එන තවකකු නම් සෙලොෆෙහාද් ය. ඔහුට සිටියේ දූවරුන් පමණකි. මාකීර්ගේ බිරිඳ මයකා පුතකු බිහි කර, ඔහුට පෙරෙෂ් යන නම තැබුවා ය. ඔහුගේ සහෝදරයාගේ නම ෂෙරෙෂ් ය. ඔහුගේ පුත්‍රයෝ: ඌලාම් හා රාකෙම් ය. ඌලාම්ගේ පුත්‍රයා: බෙදාන් ය. මනස්සේගේ පුත්‍ර, මාකීර්ගේ පුත්‍ර, ගිලියාද්ගේ පුත්‍රයෝ මොවුහු ය. ඔහුගේ සහෝදරිය හම්මොලෙකෙත්, ඊෂ්හොද් ද අබියෙසෙර් ද මාලා ද බිහි කළා ය. ෂෙමීදාගේ පුත්‍රයෝ: අහියාන්, ෂෙකෙම්, ලික්හි හා අනියාම් ය. එප්‍රායිම්ගෙන් පැවත එන්නෝ: ෂුතෙලා ය, ඔහුගේ පුත්‍රයා බෙරෙද් ය, ඔහුගේ පුත්‍රයා තහත් ය, ඔහුගේ පුත්‍රයා එලෙයාදා ය, ඔහුගේ පුත්‍රයා තහත් ය, ඔහුගේ පුත්‍රයා සාබාද් ය. ඔහුගේ පුත්‍රයා ෂුතෙලා ය. (ඒසෙර් හා එලෙයාද් දේශයේ උපන් ගාත්හි මිනිසුන්ගේ සත්ව සම්පත් පැහැර ගන්නට ගිය විට, ඒ මිනිස්සු ඔවුන් මරා දැමූහ. ඔවුන්ගේ පියා වූ එප්‍රායිම් ඔවුන් උදෙසා බොහෝ දවස් වැලපුණේ ය. ඔහුගේ නෑයෝ ඔහු සනසන්නට පැමිණියහ. ඉන්පසු ඔහු තම බිරිඳ හා යළි එක් වූ කල, ඈ ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඔහු තම පවුලට අභාග්‍ය පැමිණ තිබූ නිසා, ඔහුට බෙරියා යන නම තැබී ය. ඔහුගේ දියණිය ෂෙයෙරා ය. ඈ පහළ සහ ඉහළ බෙත්-හෝරෝන් ද උස්සේන්-ෂෙයෙරා ද ගොඩ නැගුවා ය.) ඔහුගේ පුත්‍රයා රෙෆා ය. ඔහුගේ පුත්‍රයා රෙෂෙෆ් ය. ඔහුගේ පුත්‍රයා තෙලා ය. ඔහුගේ පුත්‍රයා තහන් ය. ඔහුගේ පුත්‍රයා ලාදාන් ය. ඔහුගේ පුත්‍රයා අම්මිහුද් ය. ඔහුගේ පුත්‍රයා එලිෂාමා ය. ඔහුගේ පුත්‍රයා නූන් ය. ඔහුගේ පුත්‍රයා යෝෂුවා ය. ඔවුන්ගේ දේපොළ හා වාස භූමි නම් බෙතෙල් හා ඒ අවට ගම් ද නැගෙනහිර දෙසට නාරාන් ද බස්නාහිර දෙසට ගෙසෙර් හා එහි ගම් ද අය්යා හා එහි ගම් දක්වා වූ ෂෙකෙම් හා එහි ගම් ද වේ. තවද මනස්සේ දේශ සීමා ඔස්සේ බෙත්-ෂෙයාන් ද තානක් ද මෙගිද්දෝ ද දෝර් හා ඒවායේ ගම් ද වේ. ඉශ්‍රායෙල්ගේ පුත් යෝසෙප්ගෙන් පැවත එන්නෝ ඒ නගරවල වාසය කළහ. ආෂෙර්ගේ පුත්‍රයෝ: ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී හා බෙරියා ය. ඔවුන්ගේ සහෝදරිය සෙරා ය. බෙරියාගේ පුත්‍රයෝ: හෙබෙර් හා මල්කියෙල් ය. ඔහු බිර්සායිත්ගේ පියා ය. හෙබෙර්, යෆ්ලේට්, ෂෝමෙර්, හෝතාම් හා ඔවුන්ගේ සහෝදරිය වූ ෂුවාගේ පියා ය. යෆ්ලේට්ගේ පුත්‍රයෝ: පාසක්, බිම්හාල් හා අෂ්වාත් ය. ඔවුහු යෆ්ලේට්ගේ පුත්‍රයෝ ය. ෂෙමෙර්ගේ පුත්‍රයෝ: අහී, රෝගා, හුබ්බා හා අරාම් ය. ඔහුගේ සහෝදර හෙලෙම්ගේ පුත්‍රයෝ: සෝෆා, ඉම්නා, ෂේලෙෂ් හා ආමාල් ය. සෝෆාගේ පුත්‍රයෝ: සුවා, හර්නෙෆෙර්, ෂූවාල්, බේරී, ඉම්රා, බෙසෙර්, හෝද්, ෂම්මා, ෂිල්ෂා, ඉත්රාන් හා බෙයේරා ය. යෙතෙර්ගේ පුත්‍රයෝ: යෙෆුන්නෙ, පිස්පා හා අරා ය. උල්ලාගේ පුත්‍රයෝ: ආරා, හන්නීයෙල් හා රිසියා ය. ඒ සියල්ලෝ ආෂෙර්ගෙන් පැවත එන පියවංශ ප්‍රධානීහු ය. උතුම්, අභීත රණශූරයෝ ය. කීර්තිමත් නායකයෝ ය. ඔවුන්ගේ පෙළපතට ඇතුළත් යුද්ධයට සූදානම්වූවන්ගේ ගණන විසිහය දහසකි.

මෙයට අදාළ වීඩියෝ